පෙම්වතා ක්ෂේත්‍රයට සම්බන්ධ නිසා මම අමාරුවේ වැටුණේ නැහැ.



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හඬකැවිම් ශිල්පිණියක් ලෙස කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වූ හර්ෂි පෙරේරා වර්තමානය වන විට ප්‍රේක්ෂක ඔබගේ අවධානය දිනා ඇත්තේ රංගන ශිල්පිණියක් විදිහටය. දැනට කලා කටයුතු බොහෝමයකට දායකව ඇති හර්ෂි අනාගතයේදී දක්ෂ රංගන ශිල්පිණියක් වන්නටද බලාපොරොත්තුවෙන් සිටියි.

අපි ඔබව අඳුනගන්න කැමතියි. කියන්නකෝ ඔබ ගැන විස්තර?

මම මුලික අධ්‍යාපනය ලැබුවේ නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයෙන්. පස්සේ උසස් පෙළ හදාරන්න කොළඹ දේවි බාලිකා විද්‍යාලයට සම්බන්ධ වුණා. පාසල් යන කාලේ නම් කලා කටයුතුවලට නිරන්තරයෙන්ම දායක වුණා. පාසල් අධ්‍යාපනය නිමාවත් සමග කලාව පැත්තට ගොඩක් නැඹුරු වුණා. ඊට පස්සේ මම චන්දන වරාවිට ගුරුතුමා යටතේ ජන සන්නිවේදින ජනමාධ්‍යය පිළිබඳව පාඨමාලාවක් හැදැරූවා. දැනට මම පෞද්ගලික අයතනයක සේවය කරනවා ව්‍යාපෘති සම්බන්ධිකාරක වරියක් විදිහට.

ඔබ රංගන ශිල්පිණියක් වුණේ කොහොමද?

ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වුණ ‘දෙවිලියේ’ ටෙලි නාට්‍යයට තමයි මට මුලින්ම රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුණේ. එහි මගේ චරිතය වුණේ මැරයෙක් චන්ඩියෙක් වුණ පුද්ගලයෙකුගේ බිරිඳක් විදිහට රඟපාන එක. මගේ මාමා ලෙස ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රීයන්ත මෙන්ඩිස් මහතාත්, ජොහාන් අප්පුහාමි අයියා මගෙ සැමියා විදිහටත් මෙහි රංගනයෙන් දායක වුණා. රංගන දිවියේ මගේ පළමු කඩඉම තමයි ඒක.

හඬකැවිම් ශිල්පිණියක් විදිහට දැනට ඔබ දායක වුණ නිර්මාණ මොනවද?

ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලයේ දිගු කාලයක සිට මම හඩකැවීම් ශිල්පිණියක් විදිහට දායක වෙලා තියෙනවා. ‘මායා පැන්සල’ ඉන්දියානු ටෙලි නාට්‍යයේ  ප්‍රියාගේ චරිතයට තමයි මම මුලින්ම මගේ හඬ ලබාදුන්නේ. ඒ අතරම මට Y.FM නාලිකාව තුළින් විකාශය වූ ‘හෘද සාක්ෂිය’ වැඩසටහනේ හඩ රංගනය ලබා දෙන්නට අවස්ථාව ලැබුණා. එකාලේ නීතිඥ නලින්ද සිල්වා මහතා සමග කළ ‘හෘද සාක්ෂිය’ වැඩ සටහන ගොඩාක් කතා බහට ලක් වුණා. ඉන්දියානු ළමා ටෙලි නාට්‍යයක් වුණ සූරයන්ගෙත් සූරයා විදුලි සුරංගනාවී, අඬන සුරගන වැනි චරිත වලට පණ පොවන්න හැකිවුණා. සුරේෂ් අයියා විසින් අධ්‍යක්ෂණය කළ වැඩසටහන රැසකට රංගනයෙන් සහ හඬ රංගනයෙන් දායක වුණා. හිරු ටිවි මාධ්‍ය ආයතනය සමග දිගු කාලයක සිට වැඩසටහන් 30 කට වඩා වැඩි ප්‍රමාණයක මම වැඩ කළා

එතකොට රංගන ශිල්පිණියක් විදිහට දායක වුණ නිර්මාණ?

‘දෙව්ලිය’ ටෙලි නාට්‍යයෙන් පස්සේ  ෆ්‍රෑන් විඩියෝවක් හරහා සමාජයේ මිනිස්සුන්ට පණිවිඩයක් දෙන්න මට පුළුවන්කම ලැබුණා. ගොඩක් අය දන්නවා ‘කොටුව පැනපු නංගි අතේ මාට්ටු’ කියන ෆ්‍රෑන් වීඩියෝ එක. ගොඩක් අය හිතුවේ ඒක ඇත්තක් කියල. මට ඒක නිසා ගොඩාක් ප්‍රශ්නවලටත් මුහුණ දෙන්න සිදුවුණා. නෑදෑයින්ගෙන්, යාළුවන්ගෙන්, සමිපව ආශ්‍රය කරන අයගෙන්. අන්තිමට ඒක නිරාකරණය කරගන්න පොලිසියට යන තත්ත්වයක් ඇතිවුණා. ඒක ලොකු අත්දැකීමක් වගේම ලොකු සතුටක්. ඒ සදහා ඉදුනිල් ප්‍රීතිරාජ් දේවප්‍රිය, ආර්යන්ස් කෲ එක, ලක්මාල් අහියාට ගොඩාක් මට උදව් කළා. ඒ හැමෝටම ස්තුතියි.

නවකයින්ට ආයුතු යෝජනා එල්ල වන බවට මේ ක්ෂේත්‍රවල නිරන්තරයෙන්ම කතාවක් තියෙනවා?

මගේ පෙම්වතා ඉදුනිල් ප්‍රිතිරාජ්. එයා නිසා මට මේ රංගන ජිවිතය අපායක් වගේ වුණේ නැ. ඔහුත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නිසා ඒක මට ලොකු හයියක් වුණා. ගැහැණියෙකුට හොද වගේම නරකත් ඉක්මනින් එන ක්ෂේත්‍රයක් මේක. මම හිතනවා මට කිසිම අධ්‍යක්ෂවරයෙක් වගේම රංගන ශිල්පියෙක් ගෙන්වත් අයුතු යෝජනා ඇවිත් නැහැ. මොකද, මගේ පෙම්වතා මේ හැම දෙයකදිම වගේ මාව ආරක්ෂා කළ නිසා. ඔහු ක්ෂේත්‍රයට සම්බන්ධ නිසා මම අමාරුවේ වැටුණේ නැහැ..

ඉදිරියට ඔබ දායක වුණ තවත් නිර්මාණ නිකුත් වෙන්න තියෙනවද?

ඉදිරියේදී වැඩකිහිපයකට සම්බන්ධ වීමට නියමිතව තියෙනවා. ඒ අතරින් ඉන්දියානු සමාගමක් වන Raj brothers Shippingආයතනය සමග වෙළඳ දැන්වීමක් කිරීමට සම්බන්ධ වෙලා සිටිනවා. ඒ වගේව විවිධ කලා නිර්මණ කිහිපයකටම එකතු වෙන්න දැන් ආරාධනා මට ලැබිලා තියෙනවා. රැකියාවත් එක්ක තමා ඉතින් මේ හැම දෙයක්ම සමබරව කරගෙන යන්නේ මම.

ඔබ අපු ගමනට උදව් කළ පිරිසකුත් ඇති?

මගේ මේ ගමනේදී මට ගොඩාක් උදව් කරපු අය අතර මගේ අම්මා තාත්තා වගේම විශේෂයෙන්ම නාලක දළුවත්ත අයියාව මතක් කරන්න අවශ්‍යයි. ඒ වගේම මේ හැමදේකටම මගේ පසුපසින් හිටියේ මගේ පෙම්වතා. නමින් සඳහන් කරන්න බොහෝ දෙනෙක් ඉන්නවා ඉතින්. ඒ හැම දෙනාවම මතක් කරන්න බැරිවුණත් මේ වෙලාවේදි කෘතවේදිව මම ඒ සියළුම දෙනා මතක් කරනවා ආදරයෙන්.

ඡායාරූප හා සටහන - බුද්ධික සේනාධිර