ප්‍රධාන චරිතය දෙන්නම් කියලා ආයුතු යෝජනාවක් කළා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයක් තිස්සේ නිරූපණ කටයුතුවල නිරත වෙන රොනෂා දිල්රුක්ෂි හෙට්ටිආරච්චි මෙවර සාරවිට අප සමගින් එකතු වුණා. විවිධ කලා නිර්මාණ ඔස්සේ මේ වනවිට ප්‍රේක්ෂක ඔබ දුටු රොනෂා කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට අපේක්ෂාවෙන් පසුවෙයි.

ඔබ කොහොමද කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?

මම මේ ක්ෂේත්‍රයට එන්නේ නිරූපණ ශිල්පිණියක් විදිහට. නමුත්, මේක මගේ වෘත්තිය නෙමෙයි. දැනට මම පෞද්ගලික ආයතනයක කළමණාකාරිණියක් විදිහට සේවය කරමින් ඉන්නවා. රැකියාව අතරතුර ලැබෙන කාලය කළමණාකරණය කරමින් තමයි නිරූපණ හා වෙනත් කලා කටයුතුවලට මම දායක වෙන්නේ.

ඔබට සිත් ඇඳගන්නා සුළු පෙනුමක් තියෙනවා?

ඔව් හැමෝම වගේ ඒක කියනවා. මටත් හිතෙනවා මට හොඳ පෙනුමක් තියෙනවා කියලා. ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් නම් කියන්නේ නිරූපන කටයුතුවලට වඩා මට ගොඩක්ම ගැළපෙන්නේ රංගන පැත්ත කියලා.

ඔය පෙනුම නිසා කරදරවලට මුහුණ දීලා නැද්ද?

ගොඩක් අවස්ථාවලදී එහෙම මම මුහුණ දීලා තියෙනවා. ගොඩක්ම ලැබෙන්නේ අයුතු යෝජනා. ඒක අවස්ථාවක් මට ලැබුණා ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක්. තිර පරික්ෂණයට ගිය අවස්ථාවේදී ඔවුන්ට අවශ්‍ය වුණේ මගෙන් වෙන දෙයක්. ඒ අය කිව්වේ මේ ක්ෂේත්‍රය තුළ ඉදිරියට යන්න නම් මේ වගේ කැප කිරිම් කරන්න වෙනවා කියලා. පස්සේ රඟපාන්න තිබ්බ ඒ අදහසත් එතැනින්ම මම අත්හැරියා. එහෙම වෙන්න හේතුව ඒ වගේ අයුතු යෝජනාවලට කැමති පිරිසක් මේ ක්ෂේත්‍රය ඇතුළේ ඉන්න නිසා කියලා මම හිතනවා. හැබැයි ඉතින් හැමෝම ඒ මට්ටමින් බලන ඒක වැරැද්දක් විදිහටයි මම දකිනවා.

නිරූපණ වැඩ විතරද රොනෂා කරන්නේ?

නිරූපණ වැඩ කරන අතරේ ලැබෙන ගීත රූප රචනා, වෙළෙඳ දැන්විම් එහෙම මම කරලා තියෙනවා. රඟපාන්න තමයි ගොඩක් කැමැත්තෙන් හිටියේ නමුත්, අර වගේ දේවල් සිද්ධ වෙද්දි ඒ ගැන මගේ හිතේ තිබුණ කැමැත්ත ආසාව එහෙම්ම නැතිවෙලා ගියා.

ආදර යෝජනා එහෙම ඔබට ගොඩක් ලැබෙනවා ඇත..

ඒවායෙන් නම් අඩුවක් නැහැ. ආදර යෝජනා නම් ගොඩක්ම එන්නේ සමාජ මාධ්‍යය හරහා තමයි. දුරකතන ඇමතුම්, කෙටි පණිවිඩ වගේ දේවල් නම් සැහෙන්න ලැබෙනවා ඔය වගේ යෝජනා කරලා.

රොනෂා නිරූපණ කටයුතු කරද්දි යම් සිමාවකට යටත්ව සිටිනවද?

ඔව් ඡායාරූප ගනිද්දි පවා මම යම් සිමාවක් තියාගෙන තමා වැඩ කරන්නේ. කොට ඇඳුම් නම් ගොඩක් වෙලාවට අඩුවෙන් තමයි අඳින්නේ.  මම ගොඩක් කැමති මනාලියන්ට අඳින්න. පසුගිය කාලේ එක දිගට ඒ වගේ රූපගත කිරිම් කටයුතුවලට දායක වුණා. ඊට අමතරව සැහැල්ලු ඇඳුම්වලින් කරන නිරූපණ කටයුතුවලටත් මම සම්බන්ධ වෙන්න කැමැතියි. පසුගිය කාලේ ඒ වගේ නිරූපණ කළා ප්‍රසිද්ධ ඇඳුම් ආයතන කිහිපයකටම මම.

ඔබට ලස්සන ඇස් දෙකක් තියෙනවා කියලා කවුරුත් කියලා නැද්ද?

හැමෝම කියන්නේ මට කතා කරන ලස්සන ඇස් දෙකක් තියෙනවා කියලා. ඊට අමතරව මගේ හිනාවත් ලස්සනයි කියලා කියනවා. මටත් හිතෙනවා ඒක නම්. හැබැයි ඉතින් මට නම් මගේ මුළු ඇඟම ලස්සනයි කියලා හිතෙනවා.

බුද්ධික සේනාධීර
ඡායාරූප - සුපුන් උදයංග