මේ ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි පිරිච්ච තැනක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපිකාවක් ලෙස වර්තමානයේ කටයුතු කරන චතුනි මල්ෂා සමගින් අපි ‘සාරවිට’ තරු කතා බහ මෙසේ දිගහැරියෙමු. චතුනි ඉදිරියේදී පියෝ TV හරහා විකාශය වීමට නියමිත ‘චැනල් ස්කයි’ නාළිකාවේ සමහිමිකාරිණියද ලෙසද කටයුතු කරමින් සිටින අතර, අප ඇසු ප්‍රශ්නවලට ඇය දැක්වු ප්‍රතිචාරයි මේ..

ෆිල්ඩ් එකට ආවේ කොහොමද? කොයි කාලේද?

2018 වසරේදී. ෆිල්ඩ් එකට ආවේ අහම්බෙන් කිව්වොත් හරි. කිසිම ආසාවක් තිබුණේ නැහැ නිරූපිකාවක් වෙන්න. පුංචි කාලේ හිනේ වුණේ ගුරුවරියක් වෙන්න. කාලයත් එක්ක ඒ හැමදේම වෙනස් වුණා. අධ්‍යාපනය ලබන කළේ පොලිස් නිලධාරිණියක් හරි යුදහමුදා නිලධාරිණියක් විදිහටත් වැඩ කරන්න ආසාවක් ආවා. නමුත්, උසස් පෙළ විභාගයට මුහුණ දෙන කාලයේ මාධ්‍ය ගැන උනන්ඳුවක් ඇති වුණා. නිවේදිකාවක් වෙන හිනයක් මතු වුණා. කෙහොම හරි දැන් ඒ සියලු දේවල් අමතක කරලා මම නිරූපිකාවක් විදිහට වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා.

මොඩල් කෙනෙක් වෙන්න ආසාවක් තිබුණාද?

නැහැ. නමුත්, දැන් ආසයි. නිරූපණ ක්ෂේත්‍රයට මම මුලින්ම කිව්වා වගේ ආවේ අහම්බෙන්. දැන් ඡායාරූපවලට පෙනි ඉන්නවා. යම් මිනිස්සු පිරිසක් මාව අද අදුනනවා නිරූපිකාවක් විදිහට. ඒ හින්දා ඉදිරියට නිරූපිකාවක් විදිහට දිගටම වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ෆිල්ඩ් එක ගැන මොකද හිතෙන්නේ?

ෆිල්ඩ් එක හොඳයි. හැබැයි ගොඩක් කැපිලි කෙටිලි තියෙන තැනක් කිව්වොත් හරි. කැපිලි කෙටිලි එන්නේ අපි වගේම මේ ක්ෂේත්‍රයේ වැඩ කරන නිරූපිකාවන්ගෙන්. ඉතින් අපි දැනගන්න ඕනා මේ හැමදෙයකින්ම පරිස්සම් වෙල අපේ පාඩුවේ මේ ක්ෂේත්‍රය තුළ ඉදිරියට යන්න.

දායක වුණ කලා නිර්මාණ එහෙම තියෙනවාද?

දැනට නම් ගොඩක්ම කරලා තියෙන්නේ ඡායාරූපවලට පෙනී ඉන්න එක තමයි. ඊට අමතරව ගීත රූප රචනාවලට දායක වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියට ඒ වැඩත් කරන්න සැළසුම් කරමින් ඉන්නවා. දැනට මගේ මුලික අවධානය වෙලා තියෙන්නේ මගේ හා ඉෂාන් ඩී වඩුගේගේ හිමිකාරිත්වයෙන් ක්‍රියාත්මක වෙන ‘චැනල් ස්කයි’ රූපවාහිනි නාළිකාවේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන එක.

මොඩල් කෙනෙක්ට අද තියෙන පිළීගැනීම කොහොමද?

ඇත්තටම කියන්න කණගාටුයි. නිරූපිකාවක් කිව්වාම අද මිනිස්සු එක එක කෝණයෙන් අපි දිහා බලනවා. ක්ෂේත්‍රයේම පිරිසක් කරන වැරදි වැඩ නිසා හැමෝම අපි දිහා බලන්නේ වැරදි විදිහට. අද නිරූපණ ක්ෂේත්‍රය කියන්නේ ජාවරම් කරන තැනක් වගේ හරියට. මේකේ මිනිස්සු ඉන්නවා අද ගැහැණු ළමයි මුදලට ගන්නවා වගේම මුදලට විකුණනවා. ඉතින් බොහෝම පරිස්සමින් වැඩ කරන්න ඕන ක්ෂේත්‍රයක් මේක.

ෆිල්ඩ් එකේ දිගටම රැඳෙන්නද අදහස?

නැහැ. නමුත්, මම ආසයි මේ ෆිල්ඩ් එකේ වැඩ කරන්න. ඒ වගේම රංගනය පැත්තටත් යොමු වෙන්න කැමැතියි. අපි ආරක්ෂා වෙලා මොලේ ඇතිව මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරන්න ඕනා කියන මතයේ තමයි මම ඉන්නේ.

උදව් කරපු අය?

ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ නම් ගොඩක්ම උදව් කළේ මගේ යාළුවෝ. දැන් නම් මගේ අම්මායි තාත්තායි ගොඩක් මට උදව් කරනවා ෆිල්ඩ් එකේ වැඩ කරගෙන යන්න.

බුද්ධික සේනාධීර