මේ වසරේදී මගේ විවාහයත් සිදු වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබ දුටු දුෂි ප්‍රභා ඉලංගකෝන් පිළිබඳව හඳුන්වාදීමක් අවශ්‍ය නොවෙයි. වර්තමානයේ රංගන ක්ෂේත්‍රය තුළ නිතර කතාබහට ලක්වෙන ඇය විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂක ඔබගේ ආදරයටද පාත්‍ර වී ඇත. මේ දිනවලද ඇය අලුත්ම ටෙලියකින් ඔබව හමුවන අතර, ඒ පිළිබඳව අප ඇයගෙන් මෙසේ තොරතුරු විමසුවා.

මේ දිනවල අපි දුෂිව අලුත් ටෙලියකින් දකිනවා?

ඔව් මාව දකින අලුත් නිර්මාණය තමයි ‘සිත්බැදි දනව්ව’ මේ දවස් වල VTV නාළිකව හරහා සතියේ දවස් වල රාත්‍රී 8.30ට ඒක විකාශනය වෙනවා. මේක අධ්‍යක්ෂනය හා කැමරාකරණය කරන්නේ රිහාන් රවින්ද්‍ර අයියා. සහය අධ්‍යක්ෂණයෙන් ශාන්ත අයියා සහය වෙනවා.

සිත්බැදි දනව්වේ’ ඔබගේ චරිතය දිග හැරෙන්නේ කොහොමද?

මෙහි මගේ චරිතයේ නම සිසිලියානා. සිසිලියානා කියන්නේ හරිම ආදරණිය චරිතයක්. ඒ වගේම ඇය කිවිඳියක්. ගමේ ආරච්චිලාට පෙම්බදින තරුණියක්. ඇත්තෙන්ම, කිව්වොත් ආරච්චිලාගේ අනියම් පෙම්බරිය තමයි සිසිලියානා කියන්නේ. මෙහි ආරච්චිලාගේ චරිතය කරන්නේ ප්‍රවීන රංගන ශිල්පී ශ්‍රියන්ත මැන්ඩිස් මහතා. ඉතින් ප්‍රවීනයෙක් විදිහට එතුමාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා මට මේ චරිතයට සියයට සියක්ම සාධාරණයක් කරන්න. මට ඒ වගේම අධ්‍යක්ෂකතුමා රිහාන් අයියාගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා.  අනෙකුත් රංගන ශිල්පින්ගෙනුත් එහෙම තමා. ඔවුනුත් පුළුවන් උඵරිමයෙන්ම මට සහයෝගය දුන්නා මේ වැඩේ හොඳට කරන්න.

මේ චරිතය ඔබ රඟපෑ අනිත් චරිත එක්ක ගත්තොත් වෙනස් එකක්ද?

මේ චරිතය මම මෙතෙක් රඟපෑ චරිතය වලට වඩා ලොකු වෙනසක් තියනවා. මට ගොඩක් රඟපාන්න ලැබුණේ නපුරු චරිත. මේ චරිතය හරිම වෙනස්. මෙහිදි මට කවි කියන්නත් තියනවා. හරියට ගජමන්නෝනා වගේ. ඉතින්, මට ඒක ලොකු අභියෝගයක් වුණා. ඒවගේම මේ චරිතය වෙනස්වෙන සුළු එකක් සිසිලියානා ආරච්චිලා ලග ලද බොලද ආදරණිය වුණාට අනිත් අයට ඇය ටිකක් සැර පරුෂ විදිහට හැසිරෙන කෙනෙක්.

සිත්බැදි දනව්වෙන්’ පස්සේ ඔබව අපිට දකින්න ලැබෙන නිර්මාණ තව තියෙනවාද?

මේ දවස් වල ITN නළිකාවේ ‘පිච්චමල සුවදයි’ නාට්‍යන් මම දැක බලාගන්න පුළුවන්. ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා  ඒ වගේම ‘ශෙලීනා’ චිත්‍රපටයෙන් පස්සේ තවත් අලුත් සිනමා නිර්මණයකටත් ආරාධනා ලැබිලා තියනවා මට. ඒ ගැන මම පස්සේ කියන්නම් ඉතින්.

දිගටම රංගන ශිල්පිණියක් විදිහට වැඩ කරන්නද සැළසුම් කරලා තියෙන්නේ?

ඔව් පුළුවන් කාලයක් රංගනයේ නිරතවෙන්න තමා බලාපොරොත්තු වෙන්නේ. මේ වසරේ මගේ විවාහ වෙන්නත් බලාපොරොත්තුවක් තියනවා. විවාහයෙන් පස්සේ නම් විදේශගත වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒත් පුළුවන් හැම වෙලාවකම ලංකාවට ඇවිත් හොද නිර්මාණ වලට සම්බනධ වෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ පෙම්වතා වුණත් කැමති මම දිගටම රගපානවට. ඉතින් එයාගේන් මට ලොකු සහයෝගයක් ලැබෙයි කියලා හිතනවා ඉදිරියටත්.

බුද්ධික සේනාධීර