මගේ අම්මා තමයි මට ඇඳුම් තෝරන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වෘත්තිය මට්ටෙම් නර්තන ශිල්පිණියක් වන නවෝද්‍යා දිසානායක මේ වනවිට නිරූපිකාවක් ලෙසද කටයුතු කරමින් සිටියි. විවිධ කලා නිර්මාණ ඔස්සේ දකින නවෝද්‍යා විලාසිතාවලට දක්වන්නේද ඉමහත් කැමැත්තකි. මේ නිසාම අපි ඇයට විලාසිතා පිළිබඳව ප්‍රශ්න කිහිපයක් යොමු කළා. මේ නවෝද්‍යා ඊට දැක්වූ ප්‍රතිචාර..

විලාසිතාවලට ඔබේ තියෙන කැමැත්ත කොහොමද?

මම ගොඩක් කැමතියි ෆැෂන් කරන්න. කාලෙන් කලේට එන විවිධ ෆැෂන් ෆ්ලෝ කරන්නත් මම ආසයි. ඒ වගේම ජනප්‍රිය පුද්ගලයන් අඳින පළඳින විදිහට ෆැෂන් කරන්නත් මම කැමතියි.

මාසිකව විලාසිතාවලට වියදම් කරන ප්‍රමාණයක් තියෙනවද?

මාසේකට මෙච්චර මුදලක් වියදම් කරනවා කියලා නැහැ. විශේෂ අවස්ථා, උත්සව වගේ දේවල්වලට සහභාගි වෙනවා නම් ඊට සරිලන ඇඳුම් හා අනෙකුත් විලාසිතාවල ගන්න මම වියදම් කරනවා. කොහොම වුණත් මම මාසේකට හතරපස් වතාවක් ඇඳුම් මිළඳි ගන්න යනවා.

ගන්න ඇඳුම් කොපමණ කල් අඳිනවද?

සාමාන්‍යයෙන් ඇඳුමක් අඳින්න පුළුවන් කාලයක් මම ඒ ඇඳුම අඳිනවා. මට හිත ගිය ලස්සනම ඇඳුමක් තියෙනවා නම් මම ඒ ඇඳුම මට අඳින්න බැරිවුණත් මම ඒක අරගෙන තියගන්නවා. කලිසමක් ගත්තොත් ඊට ගැළපෙන ටි ෂර්ට් බ්ලවුස් වගේ දේවල් මම මරු කර කර ඉතින් කලයක් යනකම් අඳිනවා.

ඇඳුමක් වගේ ගනිද්දි මුලින්ම බලන්නේ එහි ලස්සනද?

මම අඳින ඇඳුම් ගොඩක් වෙලාවට තෝරන්නේ මගේ අම්මා. ගොඩක් වෙලාවට අම්මායි මායි බලන්නේ ඇඳුමේ ලස්සන. ඒ වගේම ඒ ගන්න ඇඳුම මට ගැළපෙනවාද කියලා. ඒ නිසා ගන්න ඇඳුමේ  වටිනාකම බලන්නේ නැහැ ගොඩක් වෙලාවට.

නිතරම වගේ ඇඳුම් හා අනෙකුත් විලාසිත ගන්න යන තැන් තියෙනවද?

නැහැ එහෙම එකම තැනකින් මම ඇදුම් ගන්නේ නැහැ. කොහේ හරි ලස්සනම ඇඳුමක් දැක්කොත් ඒක බලලා ගන්නවා. ඒක ලොකු ඇඳුම් කඩයක්ද පොඩි කඩයක්ද කියන එක මට අදාලා නැහැ. ලංකාවේ කොහේ හරි තියනෙ කඩේක ලස්සන ඇඳුමක් දැක්කා නම් මම ඒක ගිහින් ගන්නවා.

යාළුවෝ සමග විලාසිතා ගැන කතා කරනවද?

යාළුවොත් එක්ක කතා කරනවා. හැබැයි මම ශෝෂල් මිඩියාවල වැඩිපුරම ගත කරන කෙනෙක්. ඉතින් ඒකේ ලස්සන ඇඳුමක් හරි වෙනත් විලාසිතාවක් හරි දැක්කොත් මම ඒක ගැන වැඩිපුරම හොයනවා. ඒ වගේ ඇඳුමක් ගන්න පුළුවන් තැන් එහෙම තියෙනවද කියලා බලනවා.

අඳින්න වැඩියෙන්ම කැමති ඇඳුම මොකක්ද?

හයිවේස් ෆැන්ට් එකයි ක්‍රොෆ් ටොෆ් එකයි. ඒක මට මාර විදිහට ගැළපෙනවා. ඊට අමතරව ෆොරොක් වගේ ඇඳුමුත් මට ගැළපෙනවා.

බුද්ධීක සේනාධිර

ඡායාරූප - මිස්ටර් සිලෝන් (Mr Ceylon)