මගේ ලස්සන කොණ්ඩේට තමා හැමෝම කැමති



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති ලාල් ප්‍රියදේවගේ මේක පුදුම කතාවක් චිත්‍රපටයේ ඔබ දකින තුෂානි දිනුෂ්කා පතිරගේ සමගින් මෙවර සාරවිට අප සමග කතා බහා කළා. ඉදිරියේදී සිනමා නිර්මාණ කිහිපයක් ඔස්සේ ප්‍රේක්ෂක ඔබ දකින ඇය කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට අපේක්ෂාවෙන්ද පසුවෙයි.

තුෂානිගේ දවස ගෙවෙන්නේ කොහොමද?

මම රැකියාවක් කරන කෙනෙක්. ඒ අතරතුර ලැබෙන ඉඩ අනුව තමා කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ. ඉතින් රැකියාවට යන්න මම ටිකක් උදෙන්ම නැගිටිනවා. ඊට පස්සේ උයනවා. තුන්වේලම මගේ අතින් තමයි කැම හැදෙන්නේ. රැකියාවට ගිහින් එන කොට ව්‍යායාම් කරන්න යනවා. පැයක් දෙකක් එහි ගත කරලා ආයේ ඉතින් රෑට ගෙදර ඇවිල්ලා කෑම හදනවා. සති අන්තේ නම් මගේ මේ කාලසටහන ටිකක් විතර වෙනස් වෙනවා. මොකද, ඒ දවස්වල තමයි බොහෝ වෙලාවට මම රූපගත කිරිම් හා අනෙකුත් කලා කටයුතුවලට ඉඩ වෙන් කරගෙන තියෙන්නේ.

තුන්වේලම උයන නිසා තුෂානිට කෑම රහට උයන්න පුළුවන් ඇති?

ඔව්, හැබැයි ඉතින් ගොඩක් වෙලාවට මම උයන කෑම මමම තමයි කන්නේ. මට නම් ඉතින් රසයි මගේ කෑම. ගෙදර අය යාළුවොත් ගොඩක් රසයි කියනවා මගේ කෑම. මට රසටම උයන්න පුළුවන් මස් කරි. ඊට අමතරව ෆාස්ටා වගේ දේවලුත් මට රසට හදන්න පුළුවන්. බර්ගර් ෆිට්සා වගේ කෑම මම එළියට ගිය වෙලාවට කන්න මම ආසයි.

තුෂානිට තියෙන්නේ ටිකක් චබි පෙනුමක් නේද?

මම මේ පෙනුමටත් කැමතියි. ඒත්, මගේ ඇඟ තව පොඩ්ඩක් අඩු වුණා නම් හොඳයි කියලා හිතනවා. සිහින්ම නැතුව ගැණු ළමයෙකුට තියෙන්න ඕනා හොඳ ලස්සන ඇඟක් මට හදාගන්න පුළුවන් නම් මම කැමතියි. ඒකට තමා ඉතින් මේ දවස්වල මම මහන්සි වෙලා ව්‍යායාම් කරන්නේ.

විලාසිතාවලට තියෙන කැමැත්ත කොහොමද?

ගැහැණු අපි හැමෝම කැමතියි නේ විලාසිතාවලට. මාත් එහෙම තමා. ලංකාවට ගැළපුනත් නැතත් මට ඒ විලාසිතාව ගැළපෙනවා නම් මම අඳිනවා. ගොඩක් වෙලාවට මම ආස කොට කලිසම් කොට ඇඳුම් අඳින්න. හැබැයි ඉතින් මම ඇඳුම්වලට ලොකුවට වියදම් කරන කෙනෙක් නෙවෙයි. අවශ්‍යයි කියලා හිතෙනවා නම් විතරයි මම ඇඳුමකට වියදම් කරන්නේ. දැන් තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක එහෙම ලොකුවට එහෙම වියදම් කරන්න මා ගාව සල්ලි නැහැ.

ගොඩක් අය තුෂානිගේ ලස්සනයි කියන්නේ මොකක්ද?

කොණ්ඩේ තමයි. ගොඩක් අය කියනවා මට ලස්සන ආකාර්ශණිය කොණ්ඩයක් තියෙනවා කියලා. ඊට අමතරව මට හිතෙනවා මගේ ඇස් දෙකත් කියලා. සමහර අයට නම් ඉතින් මගේ විවිධ දේවල් ලස්සනයි කියනවා. හැබැයි ඉතින් මට නම් මගේ මුළු ඇඟම ලස්සනයි කියලා හිතනවා.

බුද්ධික සේනාධීර / ඡායාරූප - සුපුන් උදයංග