මට හිතෙන්නේ විරාත් කෝලි තමයි කඩවසම්ම කෙනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකම දකින දසුනි සෙනිත්මා දක්ෂ නර්තන ශිල්පිණියකි. හිරු සුපර් ඩන්ස් වේදිකාව හැඩ කළ ඇය ක්‍රිකට් ක්‍රීඩාවටද දක්වන්නේ ඉමහත් කැමැත්තකි. මේ නිසාම අපි මෙවර දසුනිට ක්‍රිකට් ක්‍රීඩාවට අදාල ප්‍රශ්න කිහිපයක් යොමු කළා.

ක්‍රිකට් ක්‍රීඩාවට ඔබ කැමතිද?

ඔව්, ඇත්තටම මට ක්‍රිකට් පිළිබඳව ආසාවක් ඇති වුණේ දෙවැනි වරට ලෝක කුසලානය හිමි වුණ දවසේ ඉදලා. ඒ 2014 වසරේ බංග්ලදේශය පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරිමත් එක්ක‍. එදා ඉදලා විවේක තියෙන හැම වෙලාවකටම වගේ ක්‍රිකට් තරග මම නරඹනවා.

කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයොත් ඇති ඔබට?

ඇත්තටම මම වැඩිපුරම කැමතියි ඉන්දියාවේ විරාත් කෝලිට. ඔහුට කැමති වෙන්න හේතුව තමයි ඔහු ගොඩක් දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු ක්‍රිඩා කරන විලාසයත් හිත් ඇදගන්නවා. ඊට අමතරව ඔහුගේ ලයිෆ් ස්ටයිල් එකටත් මම ආසයි. කෝලිට අමතරව ලංකාවේ කුමාර සංගක්කාර, ලසිත් මාලිංග  ක්‍රීඩකයන්ටත් කැමතියි. දැනට කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් ගත්තොත් වනිඳු හසරංගට තමයි ගොඩක්ම කැමැති.

ක්‍රිකට්වලට විතරද ඔබ කැමති?

ක්‍රිකට් වලට අමතරව මම නෙට්බෝල්, බැට්මින්ටන්, කැරම් වගේ ක්‍රිඩාවලටත් ආසයි. විවේකයක් ලැබුණාම මමයි මගේ පවුලේ අයයි එකතු වෙලා බැට්මින්ටන්, කැරම් වගේ ක්‍රිඩා කරනවා. මගේ පවුලේ අයත් ඒ ක්‍රීඩාවලට දක්ෂයි.

මෑතකදී නරඹපු හොඳම ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මතකද?

මම ඉතා උනන්දුවෙන් නරඹපු ක්‍රිකට් තරගාවලියක් තමයි  පසුගිය වසරේ ජුනි මාසයේ පැවති 2019/2021 ICC ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් ශුරතා තරගාවලිය.

ක්‍රිකට් ක්‍රීඩකයෝ පෞද්ගලිකව මුණ ගැහිලා තියෙනවාද?

ඔව්, මට ගොඩාක් අවස්ථාවලදී ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩකයන්ව පෞද්ගලිකව මුණගැහිල තියෙනවා.

ඔය අතරේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගෙන් ආදර යේජනාවක් අවොත්?

ඇත්තටම මම දැනට එහෙම ආදර සම්බන්ධයක් ගැන නම් හිතලා නැහැ.

ක්‍රිස් ගේල්, විරාත් කෝලි, වනිඳු හසරංග ක්‍රීඩකයනිගෙන් කඩවසම්ම කෙනා කවුද?

මට හිතෙන්නේ විරාත් කෝලි තමයි කඩවසම්ම කෙනා.

බුද්ධික සේනාධීර