මම ආසයි ඇත්තටම වෙනස් වෙනස් concept කරන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මල්ෂා ෆොටෝෂූට්, බ්‍රයිඩ්ල්වලට දායක වන නිරූපණ ශිල්පිනියක් තමයි මල්ෂා කියන්නේ. ඇය ක්ෂේත්‍රයට සම්බන්ධ වී වසර පහක් පමණ වනවා. ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යාමට බලාපොරොත්තු වන මල්ෂා සමග සාරවිට පිළිසඳරක යෙදෙන්න අපි සිතුවා.

මල්ෂා ගැන හඳුන්වා දුන්නොත්?

මගේ නම මල්ෂා රන්සිනි. මම ඉන්නේ ගාල්ලේ. පවුලේ ඉන්නේ අම්මායි තාත්තායි අක්කායි මමයි. මම පිළිගත් රැකියාවක නිරත වනවා. ඒ වගේම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කටයුතු කරනවා. මම නිරූපණ ක්ෂේත්‍රයට එකතු වෙන්නේ 2016දි. මේ වෙද්දි ෆොටෝෂූට්, බ්‍රයිඩ්ල් ෂූට්, බ්‍රයිඩ්ල් ෂෝ වගේ දේවලට දායක වෙලා තිබෙනවා.

මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ?

මම මුලින්ම කළේ කැෂුවල් ෂූට් එකක්. ඒක කළේ පේසල අදීප මල්ලි. මගේ පලවෙනි බ්‍රයිඩ්ල් එක කළේ සැලෝන් ප්‍රින්සස් එකේ චතූ ද සිල්වා අක්කා. ඊටපස්සේ තමයි වැඩ කරන්න පටන්ගත්තේ. ෆීල්ඩ් එකේ මම හෙමින් ගමනක් තමයි ආවේ. 2016 මාත් එක්ක සමකාලීන නිරූපණ ශිල්පිනියන්ට වඩා සෑහෙන අඩු ප්‍රමාණයක් තමයි මම වැඩ කරලා තියෙන්නේ. තෝරාගත්තු ප්‍රමාණයක් තමයි කරලා තිබෙන්නේ.

මල්ෂා නිරූපණයට එන්න හිතුවේ ඇයි?

අහම්බෙන් තමයි අවස්ථාවක් ලැබෙන්නේ. මටත් හිතුණා නිරූපණයට මගේ දක්ෂතාවයක් ඇති කියලා. ඉතින් ඊටපස්සේ හෙමීට ඉගෙනගනිමින් වැඩ කරා.

මියුසික් වීඩියෝ, වෙළඳ දැන්වීම්වලට සම්බන්ධ වෙලා තිබෙනවාද?

මියුසික් වීඩියෝවලට ආරාධනා ඇවිත් තිබෙනවා. මම ඒ දේවල් ගැන එහෙම ලොකුවට හිතලා නැහැ. ඉස්සරහට හොඳ නිර්මාණයක් ආවොත් බාරගන්නවා. රංගනයටත් එහෙමයි. ඉස්සරහට හොඳ දෙයකට ආරාධනා ලැබුණොත් සම්බන්ධ වෙනවා. බලමු ඉතින්.

ඒ කියන්නේ රංගනය ගැන ආසාවක් තිබෙනවා?

එහෙම ලොකුවට පස්සෙන් ගිහිල්ලා කරන්න ලොකු ආසාවක් නැහැ. හැබැයි ඉතින් මම හොඳයි කියලා කෙනෙක් කතා කළොත් ඒක මට හොඳයි නම් කරනවා.

ඔබ වැඩියෙන්ම කරන්නේ concept shoot නේද?

ඔව්. මට හිතෙනවා ඇත්තටම මට ඒ ගැන දක්ෂතාවයක් තිබෙනවා කියලා. ෂූට් එකක් සාමාන්‍ය විදිහට කරනවාට වඩා මනුස්සයෙක්ට රසවින්දනයක් දෙන්න පුළුවන් දෙයක් කරනවා නම් ඒක හොඳයිනේ. මම ඇත්තටම ආසයි වෙනස් වෙනස් concept කරන්න. සමහර වෙලාවට මමම හිතලා කතා කරනවා. ඒ වගේම හැමෝගේම අදහස් එකතු කරලා තමයි නිර්මාණයක් හැදෙන්නේ. මම කැමති හැමෝම කතා වෙන වෙනස් දෙයක් කරන්න. මිනිසුන්ගේ ඒකාකාරී ජීවිතය පොඩ්ඩක් හරි නැතිවෙනවනේ මේ වගේ දෙයකින්.

මල්ෂාට ජනප්‍රිය වෙන්න වුවමනාවක් නැද්ද?

ජනප්‍රිය වෙන්නම කියලා හිතාගෙන නෙවෙයි මම ෂූට් කරන්නේ. මට දැනෙන මගේ දක්ෂතාවයෙන් ප්‍රයෝජනයක් ගන්නවා මිසක් ජනප්‍රිය වෙන්න වැඩ කරන්නේ නැහැ. ජනප්‍රිය වෙනවා නම් ඒක ඉබේම වෙයිනේ.

නිරූපණයට එන්න බයක් හිතුණේ නැද්ද?

නැහැ. වෙන ක්ෂේත්‍රවලට වඩා නිරූපණයට කටකතා හැදෙනවානේ. ඒවා බලාගෙන, ඉවසගෙන තමන්ගේ පාඩුවේ වැඩ කරාම ඉවරයි. ඕන ෆීල්ඩ් එකක ඉන්න අයට කටකතා හැදෙන්න පුළුවන්නේ. ඒ නිසා තමන් දැනගන්න ඕනේ ඉන්න තැන හරියටම ඉන්න.

අද නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

මම නියෝජනය කරන ක්ෂේත්‍රය ගැන මම කියන්නම්. මාත් එක්ක මගේ ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් අය මාත් එක්ක හරිම එකතුයි. හැමෝම යාළුවෝ වගේ ඉන්නේ. අපි අතරේ කිසිම තරඟයක් නැහැ.

රැකියාවත් සමග නිරූපණ වැඩ කළමණාකරණය කරගන්නේ කොහොමද?

රැකියාවත් එක්ක කාලය කළමණාකරණය කරගෙන වැඩ කරන්නේ. දැනට නම් එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. මම ක්ෂේත්‍රයට එකතු වෙන්නෙත් මගේ අධ්‍යාපන කටයුතු අතරදි. එතකොටවත් මට ප්‍රශ්නයක් වුණේ නැහැ. මගේ දක්ෂතාවය අපතේ යවන්නේ නැතිව හැමදේම සමබරව කරගෙන යනවා.

ඔබ පැජන්ට්වලට සමබන්ධ වෙලා තිබෙනවාද?

නැහැ. මට ඒ ගැන අදහසක්, බලාපොරොත්තුවක් නම් නැහැ.

ෂූට් එකකට ආරාධනා ලැබුණාම මල්ෂා සැලකිලිමත් වෙන්නේ මොන වගේ දේවල් ගැනද?

ඒ concept මොන වගේද කියලා බලනවා. ඒ වගේම සැලෝන් එක, ෆොටෝග්‍රැෆර් මොන වගේද, ලොකේෂන් එක මොකද්ද වගේ දේවල් හොයලා බලනවා. මුල් කාලේ ඉඳලා ක්ෂේත්‍රය ගැන දන්න නිසා කතා කරන්නේ ෂූට් එකකටද, වෙන දේකටද කියලා කතා කරද්දි තේරුම් ගන්න පුළුවන්.

ඔබට ප්‍රවීණයන්ගෙන් සහයක් ලැබෙනවාද?

බ්‍රයිඩ්ල් ෂෝවලදි නම් ප්‍රවීණයෝ හමුවෙනවා. මම හරි ආසයි ප්‍රවීණ අය එක්ක කතාබහ කරන්න. මොකද ඔවුන්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. මමත් හඳුනන අය ඉන්නවා. ඔවුන් එක්ක සහයෝගයෙන් වැඩ කරනවා.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මුලදි ඔවුන්ගේ ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් මම ආසා නිසාම මට කරන්න නිදහස දීලා තියෙන්නේ.

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

රැකියාවත් කරන අතරතුර නිරූපණ වැඩත් කරගෙන හොඳ ගමනක් යන්න තමයි ලොකුම බලාපොරොත්තුව තියෙන්නේ.

උදව් කළ අය ගැනත් කියමු?

මගේ අම්මා, තාත්තා ඇතුළු පවුලේ අයව මතක් කරන්න ඕනේ. ඒ වගේම මට මේ තැනට එන්න ගොඩක් අය උදව් කරලා තියෙනවා. ඒ හැමෝවම මම ආදරයෙන් මතක් කරනවා.

කැළුම් දේවින්ද