මම කලාවට සම්බන්ධ වුණේ මගේ හොඳම කාලේදි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වර්තමානයේ රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපිකාවක් ලෙස කටයුතු කරන අවින්ද්‍යා බණ්ඩාර සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ මෙළෙස අරඹන්නට අපි සූදානම් වුණේමු. කල ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යාමට අපේක්ෂාවෙන් පසුවන ඇය අපි ඇසු ප්‍රශ්නවලට මෙසේ ප්‍රතිචාර දැක්වුයේමු.

රංගන ශිල්පිණියක් විදිහට අපි ඔබව හැඳින්වුවොත් නිවැරදියි නේද?

ඔව්, මම මුලින්ම රංගන ක්ෂේත්‍රයට එන්නේ මගේ මව නිසා. ඇය තමයි මාව ජාතික තරුණ සේවා සභාවේ නාට්‍යය හා රංග කලාව ඩිප්ලෝමා එකට අයදුම්පතක් දලා ඇතුළත් කළේ. මම පාසල් යන කාළේ නම් රංගනය ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. මම උසස් පෙළ විභාගයට මුහුණ දුන්නෙත් ජිව විද්‍යා අංශයෙන් නිසා. තරුණ සේවාදී ලැබුණ අත්දැකිම් මත තමයි මම රංගනයට යොමු වුණේ. දැන් මම රංගන කටයුතුවල නිරත වෙනවා. ඊට අමතරව නිරූපණ වැඩත් කරනවා.

ඔබව අපිට මේ දිනවල දකින්න ලැබෙන්නේ මොන කලා නිර්මාණ හරහාද?

මේ දිනවල සියත නාළිකාවේ විකාශය වෙන චාමර පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘එන්කවුන්ටර්’ ටෙලි නාට්‍යයේ මාව ‘වත්සලා’ කියන පොලිස් නිලධාරිණියගේ චරිතයෙන් දකින්න පුළුවන්. නිරෝධ බණ්ඩාර අයියාගේ ‘වින්ද වේදනා’ ගීත රූපරචනාවෙත් මම රංගනයෙන් දායක වෙනවා. මේ ගීතය මීට දින කිහිපයකට පෙර එළිදැක්වුවා. ඉදිරියට තව මා දායක වුණ ගොඩක් කලා නිර්මාණ එන්න තියෙනවා.

සුළු චරිතවලට වඩා යමක් කරන්න පුළුවන් චරිත ඔබට ලැබිලා නැද්ද?

මාව මුලින්ම ප්‍රේක්ෂකයින් අතරට ගියේ ‘සංගීතේ’ ටෙලි නාට්‍යයේ ‘නිම්මි’ කියන චරිතය හරහා. ඊට අමතරව ‘ධරණි’ ටෙලි නාට්‍යයේ ‘හිරුණි’ කියන චරිතයත් මිනිස්සු කත කළ චරිතයක්. ඩබ්ලිව්. රවින්ද්‍ර අධ්‍යක්ෂවරයාගේ ‘උට්ඨාන වීර්යය’ එකාංගික නාට්‍යයේ ‘වසන්ති’ චරිතය මිනිස්සු අතර මාව හදුනගත්ත තවත් චරිතයක්. ඊට අමතරව ‘සිහිනි’, ‘අගින් පියාපත්’, ‘අහස් මාලිගා’ වැනි ටෙලි නාට්‍යයවලත් මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. සුළු චරිත, උප චරිත මේ හැම එකකටම මම දායක වෙලා තියෙනවා. ලැබෙන චරිතය සුළුද, ලොකුද එක මට අදාල නැහැ ඒ චරිතය තුළ යමක් කරන්න තියෙනවා නම් මම ඊට මගේ උපරිම දායකත්වය දෙන එකයි මම බලන්නේ.

ඔබ රඟපාන්න ආසාද?

ඔව්, රංගනයට මම ගොඩක් ආසයි. විශේෂයෙන්ම වේදිකා නාට්‍යය රංගනයට. රංගන ශිල්පිනියක් විදිහට වේදිකාව තුළින් ලබාගන්නා පන්නරය ඉතාම වැදගත්. වේදිකාව තුළ රගපාලා කලාවට එකතු වෙන කෙනෙක්ට කවදාවත් වරදින්නේ නැහැ. මම දැනට වේදිකා නාට්‍යය කිහිපයකට දයක වෙනවා. ඉදිරියටත් ඒ පැත්තට යොමු වෙන්න මම කැමතියි. ඒ වගේම ටෙලි හා චිත්‍රපට රඟපාන්නත් මම ගොඩක් කැමතියි.

රඟපාන්න ආවේ ජිවිතේ හොඳම කාලේද ඔබ?

උසස් පෙළ හදාරලා ඉන් පසුව මම රංගනයට පිවිසුණේ. ක්ෂේත්‍රයට ඇවිල්ලා නම් මම වැඩි කාලයක් නැහැ. දැනට මම වේදිකා නාට්‍යය, ටෙලි නාට්‍යය, කෙටි චිත්‍රපට, ගීත රූප රචනා, වෙළෙඳ දැන්විම්වලට දායක වෙලා තියෙනවා. මනාලියක් විදිහට අවස්ථා කිහිපයකදිම හැඩවෙලා තියෙනවා. ඒ හින්දා මම හිතනවා මම ක්ෂේත්‍රයට ආවේ හොඳම කාලේදී කියලා.

රඟපාද්දි හා නිරූපණ කටයුතුවල යෙදෙද්දි ඔබ යම් සීමාවක් පනවා ගෙන තියෙනවාද?

ඔව්, මම යම් කිසි තෝරා බේරා ගැනිමක් කරනවා. හැමවිටම මට ලැබෙන නිර්මාණ භාරගනිද්දි. මගේ ප්‍රතිරූපයට හානියක් නොවන මගේ දක්ෂතවය පෙන්විය හැකි නිර්මාණශිලි නිර්මාණ මම ගොඩක් වෙලාවට තෝර ගන්නවා. නිරූපණ කටයුතු කරද්දි මම ගොඩක් කැමතියි මනාලියක් ලෙස හැඩ වෙන්න. ඒ වගේම ලැබෙන හැම වැඩක්ම වගේ භාරගෙන කටයුතු කරන්නත් මම කැමැති නැහැ.

බුද්ධික සේනාධීර