මම කොහොමත් උපන්දින සාද ගන්න අකමැති කෙනෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස කොයි කාගෙත් ආදරය දිනා සිටින කවී වික්‍රමසිංහගේ උපන්දිනය මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණි. වෙනත් වසරවල්වලට සාපේක්ෂකව ඇය මේ වසර සිය උපන්දිනය සමරනු ලැබුවේ වෙනස්ම විදිහකිනි. අපි ඒ පිළිබඳව සාරවිට අපි ඇයගෙන් තොරතුරු විමසුවෙමු.

කවී මේ සැමරුවේ කී වැනි උපන්දිනයද?

මේ මම සැමරුවේ මගේ විසිපස්වැනි උපන්දිනය. මම ගොඩක් වෙලාවට එහෙම උපන්දින උත්සව පවත්වන කෙනෙක් නෙමෙයි. මෙදා සැරේ මගේ උපන්දිනය වෙනස්ම විදිහකට ගන්න මම හිතුවා.

මොකක්ද ඒ වැඩේ?

මගේ උපන්දිනය දවසේ මම ළමා නිවාසයකට දානයක් දුන්නා. ඒ ළමා නිවාසයේ හිටියේ ගැණු ළමයි විතරයි. ඇත්තටම ඒ ගත කළ පැය කිහිපයක ඉතාම සුන්දරයි. උපන්දිනය දවසේම මම ගොඩක් පිං අතේ වැඩ කළා.

හැම උපන්දිනයකටම මේ වගේ දේවල් කරනවද?

ඔව්, කුමන හෝ පුණය කර්මයක් මම කරනවා මගේ උපන්දින දවසේ. පසුගිය වසරවල අපි අසරණ මිනිස්සු වෙනුවෙන් උදව් කළා. දාන දුන්නා.  මම විතරක් නෙමෙයි මගේ යාළුවෝ, මගේ පවුලේ අයත් මේ දේවල්වලට මට ගොඩක් උදව් දුන්නා.

මේ වගේ දෙයක් කරන්න කවීට අදහසක් ඇති වුණේ කොහොමද?

මම කලින් කිව්වා වගේම මම ගොඩක් වෙලාවට මගේ උපන්දිනය වෙනුවෙන් සාද පවත්වන කෙනෙක් නෙමෙයි. ඊට වියදම් වෙන මුදල් නැති බැරි මිනිස්සු වෙනුවෙන්, පුණ්‍ය කටයුතු වෙනුවෙන් වැය කරන කෙනෙක්. මේක අද ඊයේ ඉඳලා තිබුණ පුරුද්දක් නෙමෙයි මට. මට තෙරේන කාලේ ඉඳල තිබුණ පුරුද්දක්.

කලාවට සම්බන්ධ වුණ ගොඩක් අය මේ වගේ වැඩ කරනවා ප්‍රසිද්ධ වෙන්න?

ඔව්, එහෙම ළාභ අපේක්ෂාවෙන් මිනිස්සු ඒ වගේ වැඩ කරනවා. නමුත්, ඒ වගේ දේවල් කරල ප්‍රසිද්ධ වෙන්නේ මොකටද අපි. මගේ නම් එහෙම අදහස් නැහැ. මම දෙයක් කරලා ඒක පළ කරන්නේ මම වගේම අනිත් අයත් ඒ දේවල්වලට උනන්ඳු කරවන්න මිසක් ප්‍රසිද්ධ වෙන්න බලාගෙන නෙමෙයි.

කවිට මේ වැඩේට උදව් කළේ කවුද?

මගේ පවුලේ අය තමයි. ඊට අමතරව මගේ යාළුවෝ ටික. කලාව පැත්තට සම්බන්ධ වෙච්ච මගේ තව යාළුවෝ කිහිප දෙනෙකුත් මේ වැඩවලට ගොඩක් උදව් කළා.

බුද්ධික සේනාධීර