මම හිතන්නේ නැහැ මම අනිත් තරුණියන්ට වඩා වෙනස් කියලා. මමත් කරන්නෙත් ඇඟ හදන එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පිරිමින්ගේ ක්‍රීඩාවක් ලෙස කාලයක් තිස්සේ ප්‍රචලිතව තිබූ කායවර්ධන ක්‍රීඩාවට අද වනවිට කාන්තාවන්ද සිය දායකත්වය ලබා දෙනවා. යකඩ ගොඩවල් එක්ක ඔට්ටු වෙලා රටට කිර්තියක් ගෙන එන්නට උත්සාහයක් ගත් යෞවනියකට අපිව මෙවර ඉඩක් වෙන් කළා. ඇය නමින් හෂිනි හේවගේ. ඇය පසුගියදා පැවති Fitness International Federation වර්ල්ඩ් ෆයිට් ක්ලැසික් ජාත්‍යන්තර කායවර්ධන තරගාවලියේදී ජයග්‍රහණයක් ලබාගන්නට සමත් වුණා.

යෞවනියක් විදිහට ඇයි මේ වගේ ක්‍රීඩාවක් ඔබ තෝරගත්තේ?

කාලයක් මේ ක්‍රීඩාව පිරිමින්ට පමණක් සීමා වෙලා තිබුණා. පස්සේ කාන්තාවන් මේ ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න පටන් ගත්තාම මටත් ආස හිතුණා මේක ක්‍රීඩාවක් විදිහට කරන්න. එහෙම අදහසකින් තමයි මම ඇඟ හදාගන්න පටන් ගත්තේ. පස්සේ මට හොඳ පුහුණුකරුවෙක් ලැබුණා හර්ෂ් ඩී පිරිස් කියලා. ඔහු යටතේ තමයි මම ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් වෙන්න සූදානම් වුණේ.

කායවර්ධන ක්‍රීඩාව වෙනුවෙන් මුලින්ම ඇඟ හදන්න ගත්ත මොන කාලයේදීද?

ලොකු කාලයක් නම් නැහැ. 2018 වසරේදී තමයි මම කායවර්ධන ව්‍යායාම්වල නිරත වෙන්න පටන්ගත්තේ. හැබැයි කායවර්ධන තරගවලට යොමු වෙන්න කියලා හිතාගෙන හරියට කෑම පාලනය කරලා පෝෂ්‍යදායි ආහාර අරගෙන ඇඟ හදන්න ගත්තේ 2020 වසරේ අන්තිමට වගේ. එතකොට මට වයස අවුරුදු 23යි.  

අද යෞවනියන් ගොඩ දෙනෙක් තමන්ගේ ඇඟ ගැන සැළකිළිමත් වෙනවා?

මම හිතන්නේ නැහැ මම අනිත් තරුණියන්ට වඩා වෙනස් කියලා. මමත් කරන්නෙත් ඇඟ හදන එක. මේක හැබැයි තවත් එක් පැතිකඩක්. මම කරන්නේ ක්‍රීඩාවක් වෙනුවෙන් ඇඟ හදන එක. ශරිර ශක්තිය වැඩි කරන එක. ක්‍රීඩාවකට වගේම මේක සෞඛයටත් ඉතා හොඳ දෙයක් .

කෑම පාලනය කරන්න මොනවද ඔබ කරන්නේ?

සාමාන්‍ය විදිහට මම කෑම ගන්නවා. නමුත්, තරගාවලියක් තියෙනවා නම් ඒක ඉලක්ක කරගෙන මගේ පුහුණුකරු මට කෑම වට්ටෝරුවක් දෙනවා. ඒ වෙලාවට ඉතින් කෑම පාලනය කරගෙන ඔහු දුන් කෑම වට්ටෝරුව තමයි මම අනුගමනය කරන්නේ.

නිරූපණයට එහෙම සම්බන්ධ වෙන අදහසක් නැද්ද?

නැහැ. මොකද, මම දක්ෂ කායවර්ධන ක්‍රීඩාවට. ඉතින් නිරූපණය කියන්නේ මට වෙනස්ම දෙයක්. දැනට නම් කොහෙත්ම අදහසක් නැහැ ඒ පැත්තට යොමු වෙන්න. බලමු ඉදිරියට. අපේ ජිවිතේ හැමවිටම වෙනස් වෙනවා නේ. එහෙම අදහසක් තිබුණොත් නිරූපණයටත් මම යොමු වෙනවා.

තරුණ පිරිසගේ ආකාර්ශණය කොහොමද ඔබට ලැබෙන්නේ?

අනෙක් ගැහැණු ළමයින්ට ලැබෙන විදිහට තරුණ අයගේ ආකාර්ශනය මට තියෙනවා. විශේෂයක් නැහැ. තරුණයෝ ඉතින් ගැණු ළමයින්ට කැමතිනේ. ඒ වගේ කැමැත්තක් මටත් ඇති කියලා මම හිතනවා.

බුද්ධික සේනාධීර