මම හරි කැමති සටන් ජවනිකා හෝ ගැමි චරිතයක් රඟපාන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයක් හරහාම ප්‍රේක්ෂක ඔබට දකින්නට ලැබෙන යොවුන් රංගන ශිල්පිනියක් ලෙස මාෂි චතුරිකා හැඳින්විය හැකිය. නිරූපිකවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වනවිට වැඩි වශයෙන් රංගන කටයුතුවල නිතරව සිටියි. අද ‘සාරවිට’ තරු කතබහ දිග හැරෙන්නේ ඇය සමගය.

මාෂි කියන්නේ කවුද?

දැන් නම් රංගන ශිල්පිනියක් කිව්වොත් හරි. ක්ෂේත්‍රයට පිවිසුණේ නම් නිරූපිකාවක් විදිහට. ඡායාරූප ගත කිරිම් 300කට ආසන්න ප්‍රමාණයකට මේ වනවිට මම දායක වෙලා තියෙනවා.
 

රංගන ශිල්පිනියක් විදිහට කරපු වැඩ මොනවද?

චමින්ද ගුණතිලක අධ්‍යක්ෂණය කළ ‘කුණු කොල්ලා’ චිත්‍රපටයේ මම මාධ්‍යවේදිනියක් විදිහට රංගනයෙන් දායක වුණා. ඊට අමතරව සුනිල් ප්‍රේමරත්න විසින් අධ්‍යක්ෂණය කළ ‘විසි එක’ චිත්‍රපටයේ මම ‘මයුරි’ කියන චරිතයට දායක වුණා. ගිහාන් ප්‍රනන්දු අධ්‍යක්ෂණය කළ ‘ගුඩ් නිවුස්’ ටෙලි නාට්‍යයේ මම පත්තරකාරිණියක් විදිහට රඟපෑවා. දැනට මම කෙටි චිත්‍රපට දෙකකටත් ගීත රූප රචනා හා වෙළෙඳ දැන්විම් කිහිපයක් සඳහාත් දායක වෙලා තියෙනවා.

යමක් කරන්න පුළුවන් හා යමක් කළා කියලා හැගෙන නිර්මාණ මොනවද ඔබගේ?

දැනට කරපු හැම නිර්මාණ වලට මගේ උපරිමය මම සහයෝගය දීලා මට පුළුවන් උපරිම කරා කියලා මම හිතනවා. නමුත්, මම හරි කැමති සටන් ජවනිකා හෝ ගැමි චරිතයක් රඟපාන්න.

පොඩි චරිතයක් කළත් ලොකු චරිතයක් කළත් දැන් ප්‍රේක්ෂකයෝ ඊට  එක වගේ ප්‍රතිචාර දක්වනවා?

ඔව්, ඇත්ත පොඩි ද ලොකු ද කියන එක චරිතයට අදාළ වෙන්නේ නැහැ. තමන් කරන චරිතයට උපරිම සාධාරණයක් දීලා ඒ චරිතය තුළ ජීවත් වෙලා ඒ දේ රඟපානවා නම් මම හිතනවා ඒ චරිතය තුළ තමන් සාර්ථකයි කියලා සහ ප්‍රේක්ෂකයෝ පොඩි චරිතය වුණත් ඒක ඉතා ඉක්මනින් ආදරයෙන් වැළඳ ගන්නවා කියලා.

ඔබ රඟපාන්න ආවේ ජිවිතේ හොඳම කාළේද?

ඔව්, මම හිතනවා හොඳම කාලේ කියලා මොකද හැමදේකටම කාලයක් තියෙනවා. අපි කලින් උත්සාහ කරත් බැරි වෙන්න ඉඩ තියෙනවා. මේ ලැබිලා තියෙන්නේ මගේ හොඳම කාලේ හොඳම දේ කියලා මම විශ්වාස කරනවා.

රගපාද්දි හරි නිරූපන කටයුතු කරද්දි හරි ඔබ යම් සිමාවකට යටත්ව සිටිනවද?

රඟපාද්දී මම බලන්නේ චරිතයට උපරිම සාධාරණයක් දෙන විදිහට වැඩ කරන්න. නිරූපණ ක්ෂේත්‍රයේ යෙදෙන කොට නම් බොහෝ දුරට මම ඇඳුම් පැළඳුම් ගැන ගොඩක්ම සැලකිලිමත් වෙනවා.

බුද්ධික සේනාධීර