ව්‍යාපාරික කාන්තාවක් විදිහට හඳුන්වනවා නම් මම කැමතියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රංගන ශිල්පිනියන් ලෙස ටෙලි නිර්මාණ කිහිපයකම ඔබ දුටු නිෂී සමරවීර වෘත්තියෙන් මේ වනවිට රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස කටයුතු කරමින් සිටියි. කලකට පසුව 'සාරවිට' අපි සමග එක්වූ නිෂි සිය අලුත්ම තොරතුරු අපි සමග මෙසේ බෙදාහදා ගත්තේමු.

 

නිෂි කියන්නේ දැන් නිරූපිකාවක්ද? රංගන ශිල්පිනියක්ද? එහෙමත් නැත්නම් රූපලාවන්‍ය ශිල්පිනියක්ද?
 
මම රංගන ශිල්පිනියක්, නිරූපිකාවක් හා වර්තමානයේ රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට කටයුතු කරන කෙනෙක්. ඇත්තටම, රංගන ශිල්පිනියක්, නිරූපිකාවක් විදිහට මාව අඳුන්වනවට වඩා ව්‍යාපාරික කාන්තාවක් විදිහට මාව අදුන්වනවා නම් මම ගොඩක් කැමතියි.

කොහොම වුණත් ඔබ ක්ෂේත්‍රයට ආවේ නිරූපිකාවක් විදිහට කිව්වොත් හරි?
 
නිරූපිකාවක් විදිහට තමයි මාව බොහෝ දෙනෙක් අදුන ගත්තේ. නමුත්, මම කලා ක්ෂේත්‍රයට එන්න කලින් ඉදලා රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට වැඩ කරලා තියෙනවා. ඔය විදිහට වැඩ කරන අතරේ තමයි නිරූපණයට සම්බන්ධ වුණේ. වර්තමානයේ රටේ තියෙන තත්ත්වයත් එක්ක මගේ ව්‍යාපාරික පැත්ත වැඩි දියුණු කරගන්න හිතුවා. ඒ හින්දා තමයි දැන් මගේම කියලා සැලෝන් එකක් කරන්නේ.

ඒ කියන්නේ දැන් නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරන්නේ නැහැ කියන එකද?
තාවකාලිව සමුදීමක් කරලා තියෙනවා. නමුත්, හොඳ නිර්මාණයක් ආවොත් අනිවාර්යයෙන්ම භාර අරගෙන වැඩ කරනවා.
 
අන්තිමට ඔබව අපි දැකපු කලා කටයුතු මොනවද?
 
ටෙලි නාට්‍යවලින් මම අන්තිමට රඟපෑවේ දැනට සිරසේ විකාශය වෙන %නීල පබලු^ හා දෙරණේ විකාශය වුණ %දෝන කතරිනා^ ටෙලි නාට්‍යයවල. ගීත රූප රචනාවලට මෑතකදී නම් සම්බන්ධ වුණේ නැති තරම්. හැබැයි බ්‍රයිඩල් හා කැෂුවල් පොටෝ ෂූට් කිහිපයක් සඳහා මෑතකදී මම දායක වුණා.

කලා කටයුතුවලට දැන් කැමැත්තක් නැද්ද?

ඇත්තටම අකමැත්තක් නැහැ. සැලෝන් එකේ වැඩත් මගේ ව්‍යාපාරික වැඩත් එක්ක මම වැඩිපුරම දැන් කාලය ගෙවනවා. කලාවට පූර්ණකාලීනව කැප වෙලා වැඩ කරන්න අමාරුයි. ඒ හින්දා ලැබෙන ඉඩ අනුව තමයි මම කලා කටයුතු තෝරගෙන වැඩ කරන්නේ.  

අනාගත සැළසුම් මොනවද?

සැලෝන් එකේ වැඩයි ව්‍යාපාරික වැඩයි ටිකෙන් ටික දියුණු කරන්න හිතගෙන ඉන්නවා. ඒ වගේම ආස කරන හොඳ වැඩ දෙක තුනකට සම්බන්ධ වෙන්න කැමැත්තකින් ඉන්නවා. මොකද, මම ගොඩක් ආසාවෙන් වැඩ කරපු ක්ෂේත්‍රයක් තමයි කලා ක්ෂේත්‍රය කියන්නේ.
 
කතා බහා - බුද්ධීක සේනාධීර