ෂාරුක් ඛාන් එක්ක රඟපාන්න ගොඩක් ආසයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස නිතර ප්‍රේක්ෂක ඔබ දකින කවී වික්‍රමසිංහ මෙවර අපි සාරවිට තරු කතාබහකට සම්බන්ධ කරගත්තේමු. නිතර විමසන ප්‍රශ්නවලට වඩා තරමක් වෙනස් විදිහේ ප්‍රශ්න කිහිපයක් අපි මෙවර කවීට යොමු කළ අතර, මේ ඇය ඊට දැක්වූ ප්‍රතිචාරයන්..

කවී කියන්නේ මොන වගේ කෙනෙක්ද?

කවී කියන්නේ අහිසංකත් නැති සාමාන්‍ය විදිහට කෙන්ති යන තමන්ගේ පාඩුවේ ඉන්න කැමති කෙනෙක්. ඒ වගේම මිනිස්සු අඳුනගෙන ඒ අයත් එක්ක හිනා වෙලා ඉතාමත් සුහදත්වයෙන් ජිවත් වෙන්න කැමති කෙනෙක්.

නිවේදනයට ඔබ දක්ෂ කෙනෙක්. ඒ වගේ තව ඔබ මොනවටද දක්ෂ?

අමාරුවේ වැටෙන්නේ නැතුව රඟපාන්න නම් මට පුළුවන්. තව මම ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදිහට ඉදිරියට යන්න හිතපු කෙනෙක්. ඒ පැත්තටත් මම ගොඩක් ආසයි. දැනටත් මම මගේ ඇඳුම් එහෙම ඩිසයින් කරනවා.

ක්‍රිකට් ලෝක කුසලානය දැන් පැවැත්වෙනවා. කවුද කවීගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා?

ඉන්දියාවේ විරත් කෝලිට. කැමති වෙන්න හේතු ගොඩක් තියෙනවා. මුලින්ම එයා පෙන්වන දක්ෂතාවයට. අනික එයාගේ ෆැමිලි ලයිෆ් එක ගෙවන විදිහ. කෝලි මිනිස්සු එක්ක ගණුදෙනු කරන්නෙත් අමුතු විදිහකට. ක්‍රීඩා කරන කොට තියෙන ආඩම්බරකම නැ එයා මිනිස්සු එක්ක කතා බහ කරද්දි.

මේ දවස්වල අහන්න කැමති ගීතය මොකක්ද?

එකක් නැහැ ගොඩක් තියෙනවා. කාලෙන් කාලේට වෙනස් වෙනවා මම අහන ගීත. මේ දවස්වල මම ගොඩක් කැමැත්තෙන් අහන ගීතයක් තමයි අල්ලන් යන්න බැරි අතක්.. කියන ගීතය. ඊට අමතරව පැරණි ගීත අලුත් අය කියනවා දැන් ලස්සනට. ඒවාත් මේ දවස්වල ගොඩක් වෙලාවට අහනවා.

මෑතකදී නරඹපු හොඳම චිත්‍රපටය?

මුවිස් නම් ගොඩක් බලනවා. හරිම ආසයි ඒවාට. විවේකයක් ලැබුණ ගමන් කරන දෙයක් තමයි මුවිස් බලන එක. හින්දි, දමිල හා සිංහල චිත්‍රපට බලන්න තමයි මම ගොඩක්ම කැමති. ඉංග්‍රීසි චිත්‍රපට නම් බලනවා අඩුයි. මෑතකදී නම් බලපු හොඳම චිත්‍රපටය තමයි KGF 2 චිත්‍රපටය. බලපු හොඳම චිත්‍රපටය ගැන කිව්වොත් ආෂික්‍යූ චිත්‍රපටය තමයි මගේ සිත්ගත්ම චිත්‍රපටය.

ජීවිතේ දුක හිතුණ අවස්ථා තියෙනවාද?

ජිවිතේ දුක හිතුන අවස්ථා නම් ඕනා තරම් තියෙනවා. ආදරයේදී දුක හිතිලා තියෙනවා. වෘත්තියමය වශයෙන් වැඩ කරද්දි දුක හිතුණ අවස්ථා තිබුණා. දැන් නම් මම දුකට හේතුව හොයාගෙන තියෙන්නේ. ඕනැම දේකට වැඩිපුර ඇලුම් කළොත් අපිට දුක හිතෙනවා වැඩියි. ඒ හින්දා යම් සිමාවක ඉඳලා හැමෝම එක්ක ගණුදෙනු කරන්න ඕනා කියන මතයේ මම ඉන්නවා.

කවීට රඟපාන්න අවස්ථවක් ලැබුනොත් ඔබ කාවද තෝර ගන්නේ?

මම කැමතියි ෂාරුක් ඛාන් එක්ක රඟපාන්න. මොකද ඔහු තමයි මම කැමතිම නළුවා.  ඒත්, ඉතින් ඒ දේ වෙන්නේ නැහැනේ. හීනයක්ම විතරයි.

කවිගේ ඇගේ ලස්සනම කොටස මොකක්ද?

මගේ ඇස් දෙක හා කොණ්ඩේ. ගොඩක් කට්ටිය කියනවා ඒවා මගේ ලස්සනයි කියලා.

දැනට කවීට කි දෙනෙක් ආදරය ප්‍රකාශ කරල තියෙනවාද?

ගොඩක් අය ඉතින් ආදරේයි කියලා තියෙනවා. ෂෝශල් මිඩියා හරහා චැට් කරලා ටික දවසකින් ඉතින් ආදරේ කියනවා. ඒක අද ගොඩක් වෙලාවට වෙන දෙයක් නේ. ඒවාගේ අය නම් ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක් කියලා තියෙනවා. හරි විදිහට ආදරය කියලා මට ගොඩක් දැනිච්ච අය නම් ඉන්නවා පහක් හයක් විතර.

බුද්ධික සේනාධීර​