‘හිත ළඟ හිනැහුණා’ ටෙලි නාට්‍යයේ රොමේන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිරස රූපවාහිනි නාළිකවේ විකාශය වෙන ධනුෂ්ක රත්නයකගේ ‘හිත ළඟ හිනැහුණා’ ටෙලි නාට්‍යයේ රොමේන් ලෙස රංගනයෙන් දායක වෙන මනිෂා කන්දේකුඹුර සමගින් අද අපි කත බහා කළේමු. රංගන ශිල්පිණියකට අමතරව ඇය වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්, නිරූපණ ශිල්පිණියක් ලෙසද වර්තමනයේ කටයුතු කරමින් සිටියි.

‘හිත ළඟ හිනැහුණා’ ඔබගේ පළමු ටෙලියද?

ඔව්, ඊට කළින් මට ටෙලි නාට්‍යය කිහිපයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එත්, කුමන හෝ හේතුවක් මත මට ඒ නිර්මාණවලට සම්බන්ධ වෙන්න බැරිවුණා. දැනට සිරසේ විකාශය වෙන ධනුෂ්ක අයියගේම ‘කියදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයටත් මම සම්බන්ධ වෙන්න තිර පරික්ෂණවලට ගියා. නමුත්, අවස්ථාව ලැබුණේ නැහැ. ධනුෂ්ක අයියා ඒ මතකයෙන් තමයි මට ‘හිත ළඟ හිනැහුණා’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කතා කළේ.

මනිෂා කියන්නේ රංගන ශිල්පිනියක් විතරද?

නැහැ. රංගනයට එන්න කළින් මම රූපවාහිනි නිවේදිකාවක් විදිහට වැඩ කළා. සියත රූපවාහිනියේ බන්දුල පද්මකුමාර මහත්මයා එක්ක මුල් පිටුව කළා. ස්වර්ණවාහිනියේ ආයුබෝවන් ශ්‍රී ලංකා වගේම ටිවි වන් නාළිකාවේ මෝර්නින්ග් වැඩසටහනට සම්බන්ධ වෙලා වැඩ කළා. දැනට වෙළෙඳ දැන්විම් කිහිපයකටත් දායක වෙලා තියෙනවා. ඊට අමතරව බ්‍රයිඩල් මොඩල් කෙනෙක් විදිහට අවස්ථා කිහිපයකදි වැඩ කරලා තියෙනවා මම.

‘හිත ළඟ හිනැහුණ’ ටෙලියේ ඔබ රඟපාන්නේ කවුරු විදිහටද?

මම රඟපාන්නේ රෙමේන්ගේ චරිතය. රොමේන් කියන්නේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන මිනෝලි මැඩම්ගේ පෞද්ගලික ලේකම්වරිය විදිහට. රෙමේන්ට හොද රසික ප්‍රතිචාර ලැබෙනවා. පළවෙනි රංගනයෙන්ම රසික ප්‍රතිචාර මේ වගේ ඉහළින්ම ලැබෙයි කියලා මම හිතු‍වේ නැහැ. නමුත්, ගොඩක් සතුටුයි මේ ලැබෙන ප්‍රතිචාර දැකලා.

පාසල් යන කාලේ ඔබ කලාවට දක්ෂ කෙනෙක්ද?

කලාවට විතරක් නෙමෙයි ක්‍රීඩාව පැත්තටත් මම ගොඩක් දක්ෂ කෙනෙක්. නේට්බෝල් ක්‍රීඩිකාවක් විදිහට මම විදෙස් සංචාර පවා ගිහිල්ලා තියෙනවා. නර්තනයට රංගනයට පළාත් මට්ටමේ තරගවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ පවා ලබාගෙන තියෙනවා. කොටින්ම කිව්වොත් පාසලේ හිටිය කැපි පෙනෙන ශිෂ්‍යාවක් මම.

කලාවට සම්බන්ධ වුණ එක ඔබේ හිනයක්ද?

ඔව්, හැබැයි මම රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්, නිරූපණ ශිල්පිනියක් වෙනවා කියලා මට හිනයක් තිබුණේ නැහැ. නමුත්, කුමන හේ වාසනාවකට මට කලාවට සම්බන්ධ වෙන්න ලැබුණා. හැබැයි මාව අද මේ තැනට ගේන්න ගොඩක් මහන්සි වුණේ මගේ අම්මායි තාත්තයි දෙන්නා. ඒ අය කුඩා කාලේදීම මම දක්ෂ මොකටද කියල අඳුනගෙන ඒ පැත්තට යොමු කළා. අද මම කලාව පැත්තෙන් යම් තැනක ඉන්නවා නම් එහි ගෞරවය හිමිවෙන්න ඕනා මගේ අම්මාටයි තාත්තටයි.

බුද්ධික සේනාධීර