හිමින් යන ගමන සැනසීමක් වගේම ස්ථාවරයි කියලා මම හිතනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හඬකැවිම් ශිල්පිණියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසුණද වර්තමානයේ අපට තිළිණි කෞශල්‍ය සමරසේනව වැඩිපුරම දකිනන්ට ලැබෙන්නේ රංගන ශිල්පිණියක් ලෙසය. මේ වන විට කෙටි චිත්‍රපට, ගීත රූප රචනා ඇතුළු කලා නිර්මාණ රැසකටම සිය රංගන දායකත්වය ලබාදී ඇති ඇයට අප මෙවර සාරවිට ඉඩක් වෙන් කළා.

කලා කටයුතු නිසා තිළිණි ගොඩක් කාර්යබහුල වෙලා නේද?

ඔව් පසුගිය කාලේ විවිධ කලා කටයුතුවලට මම දායක වුණා. ඒවා ගැන කතා කළොත් මම කෙටි චිත්‍රපට කිහිපයකටම වගේ පසුගිය කාලයේ දායක වුණා. ඊට අමතරව ගීත රූප  රචනාවකටත් සම්බන්ධ වුණා. ඒ එක්කම හරි ටිවි නාලිකාවේ social drama වලත් රගපෑම් කටයුතු කරනවා. තව ඒ වගේ වැඩ කිහිපයකටත් දැනට ආරාධනා ලැබිලා තියෙනවා.

හඬකැවිම් කටයුතුවලට දැන් දායකත්වය දෙන්නේ නැද්ද?

ජාතික රූපවාහිනී හඬකැවීම් අංශය එක්ක නිතරම වගේ හඬකැවීම් කටයුතුවලට දායක වෙනවා. ඉදිරියේදි නිකුත් වීමට නියමිත චිත්‍රපටයක ප්‍රධාන චරිතයටත් හඬකැවීම් වලින් මම සම්බන්ධ වුණා. she youtube නාලිකාවෙත් වැඩසටහනකටත් මේ දිනවල දායක වෙනවා මම.

හඬකැවිම් ශිල්පිණියක් වුණ ඔබ රංගනයට පැත්තට යොමු වුණේ කොහොමද?

මම කැමති නිවේදිකාවක් විදිහට වැඩ කරන්න. හැබැයි ක්ෂේත්‍රයට මම එන්නේ හඬකැවීම් ශිල්පිනියක් විදියට සූරිය කුසුම කොරියානු ටෙලි නාට්‍යය මාලාවේ ෂිංහේ කුමරියට හඬදීලා. රඟපානවට වඩා කෙනෙකුට හඬකවන එක හරිම අමාරු වැඩක්. හැබැයි හඬදෙන බොහෝ අයට හොඳට රඟපාන්නත් පුළුවන් කියලා මට හිතෙනවා. මම ආසයි යම් ක්ෂේත්‍රයකට පිවිසෙන්න කළින් ඒ පිළිබඳව අවබෝධයක් ලබාගන්න. ඉතින් රංගනය ගැනත් මම හැදෑරුවා පසුගිය කාලේ.  ස්වර්ණවාහිනි නාළිකාවේ කෝලම් කුට්ටම් ටෙලි නාට්‍යය තමයි රංගනයට මම පිවිසෙන්නේ.

ඔබ ක්ෂේත්‍ර තුනක දැනට වැඩ කරනවා?

මොන ක්ෂේත්‍රයකට වැඩ කළත් මම ආසම නිවේදනයට සහ හඬකැවීමට කියන ක්ෂේත්‍රවලට. ඒ වගේම ඉදිරියට යන්න ආසයි නිවේදිකාවක් විදිහට. මට රංගන ශිල්පිනියක් වෙනවා කියන ටාගට් එකක් නෑ ජනප්‍රිය වෙන්න එහෙම අවශ්‍යතාවයකුත් නෑ දෙන වැඩේ හරියටම මගේම වැඩක් විදියට කරන්නයි මට අවශ්‍යය කරන්නේ. අනවශ්‍ය ලෙස ජනප්‍රියත්වයක් හබාගෙන යන්න මට අවශ්‍ය නෑ. රංගනය පැත්තෙන් ජනප්‍රිය සම්මාන ගන්නවට මම කැමතියි දක්ෂතම සම්මානයක් හිමි කරගන්න.

නවකයින්ගේ පිවිසිම වර්තමානය වෙන කොට වර්ධනයක් දකිනවා?

මට ජනප්‍රිය වෙන්න උණක් නැති නිසා බොහෝම නිස්කලංකව තෝරා බේරාගෙන මගේ ගමන හිමින් යන්නයි මට උවමනා.  අනවශ්‍ය තරගයක් වත් කැපී පෙනෙන්න වුවමනාවක් මට නැහැ. ඒ වගේම තමයි අනෙක් අය කපාගෙන යන්න වුවමනාවක්වත් මට නෑ. මට හමුවෙන වැඩ වලත් මට වඩා හොදින් කළ හැකි අයෙක් මම දන්නව නම් මම ඔවුන්ව හදුන්වා දීලා ඒ වැඩේ සාර්ථක කරනවා ඇරෙන්න ඔක්කොම බදාගෙන කරන්න යන්නෙ නෑහැ මම. හිමින් යන ගමන සැනසීමක් වගේම ස්ථාවරයි.

ඉදිරිය සැළසුම් කොහොමද?

උපාධිය සහ ඩිප්ලෝමා  තුනක වැඩකටයුතු කරනවා. මොන දේ කළත් අධ්‍යාපනය පැත්තට තමයි මම ලොකුම අවධානය දෙන්නේ.  ඒවගේම ව්‍යාපාරයකට අවශ්‍ය දැනුම ගන්න පාඨමාලාවකුත් මේ දිනවල හදාරමින් යනවා. මොකද, මගේ අදහසක් තියෙනවා මගේම කියලා ව්‍යාපාරයක් ඉදිරියේදී පටන් ගන්න.

බුද්ධික සේනාධීර