ළඟදිම මම තව අලුත් ගීතයක් නිකුත් කරනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සංගීත විශාරදවරියක් මෙන්ම ගුවන් විදුලියේ පළමු ශ්‍රේණියේ ගායිකාවක්ද වන පවනි පෙරේරා හිරු ස්ටාර් රියලටි තරු මාවත හරහා ඔබ හඳුනාගත් යෞවනියකි. දැනට ගීත රැසක් නිකුත් කර ඇති පවනි මීට දින කිහිපයකට පෙර තම අලුත්ම ගීතය නිකුත් කරනු ලැබුවා. මේ නිසාම මෙවර අප ඇයට සාරවිට තුළින් මෙසේ ඉඩක් වෙන් කළා.

පවනි අලුත්ම ගීතය ගැන කියලාම කතාව පටන් ගමු?

දුම්බර මැණිකා.. තමයි මගේ අලුත්ම ගීතය. මේක කවර් සෝන් එකක්. මේකේ නියම අයිතිය තියෙන්නේ දිල්ශාන් මධුරංගට. මේ ගීතය කරලා තියෙන්නේ දෙසවන් මියුසික් ප්‍රඩක්ෂන් ආයතනය. එකේ කසුන් අයියා මේ ගීතය ගැහැණු හඩකින් නිර්මාණය කරන්න අදහසක් තිබිලා තියෙනවා. ඒ වැඩේට කෙනෙක් හොයන අතරේ තමයි මට මේ අවස්ථාව ලැබුණේ. ශිල්පා නානායක්කාර අක්කා තමයි මේ ගීතයට මාව සම්බන්ධ කළේ.

කවුද මේ ගීතය නිර්මාණය කරන්න දායක වුණේ?

කැළුම් දිසානායක අයියා තමයි මේ ගීතය ලියලා තියෙන්නේ. ගී තනුව හා සංගීතය එකතු කරලා තියෙන්නේ අශේන් චක්‍රවර්ති. මේ ගීතයට රූප රචනාවකුත් කළා. ඒක කළේ දෙසවන් මියුසික් ප්‍රඩක්ෂන් ආයතනය වෙනුවෙන් කසුන් මධුෂංක අයියා.

මේ ගීතය ඔබට සුවිශේෂි එකක් නේද?

ඔව්, මේක ගීත රූප රචනාවක් සහිතව මම කරපු පළමු කවර් සෝන් එක. ඒ වගේම මේ ගීතයේ පොඩි රැප් කොටසකුත් තියෙනවා. මම මීට කලින් ඒ වගේ ගීතයක් කරලා නැහැ. මීට කලින් මම හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වන දිවිතුරා නාට්‍යයේ කාව්‍යාගේ චරිතයට කළා හුස්මක් තරමට දැනෙනා.. කියන ගීතය. ඒ ගීතය කළේ අශාන් ප්‍රනාන්ඳු අයියා.

ගීත ගොඩකට දැන් පවනි ගායිකාවක් විදිහට දායක වෙලා තියෙනවා?

මම ගයපු ගීත ගොඩක් තියෙනවා. මගේම කියලා ගීත තුනක් විතරයි හැබැයි තියෙන්නේ අනිත් සියලුම ගීත ටෙලි නාට්‍යය තේමා ගීත. දුම්බර මැණිකා.. ගීතයට කලින් මම මගේම ගීතයක් නිකුත් කළා ලය පුරා.. කියලා. ඒ ගීතය ලිව්වේ ශිල්පා නානායක්කාර. සංගීතය රජිත ලියනගේ. ගීතයට රූප රචනාව නිර්මාණය කළේ සංදේශ් බණ්ඩාර. ඒ ගීතයට ඉහළ රසික ප්‍රතිචාර අදටත් තියෙනවා.

ඔබේ අලුත් ගීතයක් අයෙත් අහන්න පුළුවන් කවදද?

දැනට අලුත් ගීතයක වැඩ කරගෙන යනවා. ඉතාම ඉක්මණින් ඒ ගීතය නිකුත් කරන්න හිතාගෙන ඉන්නවා. ගීත දෙකක් එක ළඟ නිකුත් කරපු නිසා මේක ටිකක් කල් ගන්නවද කියන අදහසේ මම ඉන්නවා. නමුත්, රසික පිරිස් දක්වන ප්‍රතිචාර මත තමයි ඉතින් මම මේ ගීතය නිකුත් කරන්න හිතාගෙන ඉන්නේ.

බුද්ධික සේනාධීර