මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හොරෙන්ම කරපු චිත්‍රපටයක් අපුරූ ගීතයක් කරලියට "අලි කතාව" නම් අරුමැසි (fantacy) ළමා චිත්‍රපටයක් සුනිල් ආරියරත්නයන් හොර රහසේම තායිලන්තයට ගොස් රූගත කර නුදුරේදීම තිරගත කිරීමට සුදානම් බව ආරන්චි මාර්ග පවසයි. මුහුරත් උළෙලක් පවා නොතිබුනු මෙම අපුරූ චිත්‍රපටය එහි ගීතයක් නිකුත් කිරීමෙන් පසුව සමාජ ජාල තුල දැඩි කතාබහකට ලක්ව ඇති අතර සුන්දර පරිසරයට ආදරය කරන කොලු පැටියෙක් සහ කුඩා අලි පැටවෙකුගේ අපුරූ කතාන්දරයකින් චිත්‍රපට හැඩගැන්වේ.
මෙම චිත්‍රපටයේ සිටින රජවරු, සිටුවරු, මන්ත්‍රකාරියො, තාපසයො, වැද්දො ළමා රසිකයන්ට වෙනස්ම අත්දැකීමක් තුලින් සින්හල සිනමාවට අපූරු ජවයක් ලබා දෙන බව බොහෝ දෙනාගේ මතයයි. 2015 වසරේ හොදම නිශ්පාදක ලෙස සරසවි සම්මාන ලත් ජ්යේෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකරයන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ශක්තිමත් සුසන්යෝගය තුලින් ප්‍රේක්ශකයාට විශ්වාසය තැබිය හැකි චිත්‍රපටයක් බිහි වනු ඇති බව බහුතර මතයයි. ගීත හතරකින් සැදුම් ලත් මෙම චිත්‍රපටයේ පලමු ගීතය මෙය වන අතර, විදූශා නෙත්‍රාන්ජලීගේ ගායනයෙන්ද, අචාර්ය රොහණ වීරසින්හයන්ගේ සන්ගීතයෙන්ද හැඩ වෙන මෙම ගීතයේ පද රචනය චිත්‍රපටයේ අධ්‍යක්ශවරයා වූ සුනිල් ආරියරත්නයන්ගෙනි.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022















