සුදු ඇඳගෙන කළු ඇවිදින් On Location



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-06-ent-312

(සඳුදා සිට බ‍්‍රහස්පතින්දා තෙක් රාති‍්‍ර 9.00 ට - ජාතික රූපවාහිනියෙන්)

ධෛර්යය, මානව දයාව හා සහජීවනය මිනිසුන්ගේ ජීවිත ආලෝකවත් කරයි. නාගරික දරිද්‍ර පරිසරයක ජීවත් වීමට නොහැකිව තම අක්මුල් සොයා ජිවිතයෙන් පලා යන මවක හා දියණියකගේ ජීවන අරගලය ”සුදු ඇඳගෙන කළු ඇවිදින්........” හි ප‍්‍රධාන කතා මාලාවයි.

එහි කතා සාරාංශය මෙසේය.

මවගේ නම සුභාය. දියනිය අනෝමාය. දෙදෙනා දෙසොහොයුරන්සේය. වියළි කලාපයේ කාශ්ඨක ගමකට පැමිණි බසයකින් දෙදෙනා බසිති. දෙදෙනා අතරමං වූවන් සේය. යායුතු තැනක් නොදනිති. මවට අරමුණක් ඇතිසේය. දියණියට එ කිසිවක් නොමැතිය. දියනිය කොළඹ ජීවිතයට අකමැති වුවද, මේ ගමට ඊට වඩා අකමැතිය. ඔවුන් සොයන්නේ එක් රාති‍්‍රයකට නවාතැනකි.

විල්සන් මනෝවිකාරයෙකි. ඔහුගේ පුතා පැංචා පැසැල් යන ගැටවරයෙකි. ඔහුට පාසැල අරහංය. පියා සමග ජීවත්වන ඔහුට ආදරය, කරුණාව නොමදවම ලැබී නොමැත. ඔහු අහසේ පොළොවේ හැම තැනම සෙනෙහස හා ආදරය සොයයි. සෙනෙහස වෙනුවෙන් අරගල කරයි.

අමරපාල ගමේ ඉපිද විශ‍්‍රාම ගිය මහාචාර්යවරයෙකි. ඔහුගේ බිරිඳ ස්වර්ණා ප‍්‍රකට නවකතාකාරියකි. ගමේ පාසැල ළමයි අඩුකම නිසා වැසෙන්නට ඔන්න මෙන්නය. විදුහල්පති නයනානන්ද පාසැල රැුක ගන්නට මහත් වෙහෙසක් දරයි. තවත් බොහෝ දෙනෙක් ගමේ ජීවන අරගලයක යෙදෙති. එ් ජීවන අරගලය ”සුදු ඇඳගෙන කළු ඇවිදින්” හි නළලේ කොටා ඇත.

 

රංගනය

  • මිෂෙල් දිල්හාරා
  • උමයංගනා වික‍්‍රමසිංහ
  • ආනන්ද කුමාර උන්නැහේ
  • ලක්ෂ්මන් මෙන්ඩිස්
  • නිරෝෂන් විජේසිංහ
  • චාන්දනී සෙනෙවිරත්න
  • වීනා ජයකොඩි
  • සරත් කොතලාවල

 

කැමරාකරණය: සිසිකිරණ පරණවිතාන

කලා අධ්‍යක්‍ෂණය: අජන්ත අලහකෝන්

ඇඳුම් නිර්මාණය: ලක්මා වීරසේකර

සංස්කරණය: ශාන් අල්විස්

සංගීතය: දිනේෂ් සුභසිංහ

රචනය හා අධ්‍යක්‍ෂණය: සුනිල් කොස්තා

 

මෙහි අධ්‍යක්‍ෂවරයා සිරිසිරිමල්, රෝද හතරේ මනමාලයා, සිහින වසන්තයක්, සුදුයි උසයි, ෂර්ලොක්හෝම්ස්, පියස, පින්සර දොස්තර වැනි සම්මානනීය විශිෂ්ට හා ජනපි‍්‍රය ටෙලි නාට්‍ය වල නිර්මාපකවරයායි.

 

2019-05-06-ent-311  2019-05-06-ent-313 2019-05-06-ent-314 2019-05-06-ent-315 2019-05-06-ent-316 2019-05-06-ent-317 2019-05-06-ent-318 2019-05-06-ent-319 2019-05-06-ent-320 2019-05-06-ent-321 2019-05-06-ent-322 2019-05-06-ent-323 2019-05-06-ent-324 2019-05-06-ent-325 2019-05-06-ent-326 2019-05-06-ent-327 2019-05-06-ent-328 2019-05-06-ent-329 2019-05-06-ent-330 2019-05-06-ent-331 2019-05-06-ent-332 2019-05-06-ent-333 2019-05-06-ent-334 2019-05-06-ent-335 2019-05-06-ent-336 2019-05-06-ent-337 2019-05-06-ent-338 2019-05-06-ent-339 2019-05-06-ent-340