'පුංචි කතාවක්' ළඟදීම...

  • 15-05-2017
  • Views 9441

මේරියන්ස් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායක ශිවන්ත ප්‍රනාන්දුගේ නවතම ගීතයේ රූප රචනාවෙහි  රූගත කිරීම් පහුගිය දිනයන්හිදී සිදුවිනි. ප්‍රවීන චායාරූප ශිල්පී මිහිර බණ්ඩාර දිසානයකගේ පදරචනයට ප්‍රවීන සංගීතවේදී සුරේන්  ඩී අතින් තනු නිර්මාණය වුන මෙම ගීතයේ රූගත කිරීම් දුර්ලබ පසුතලයන්හිදී නවමු අයුරකින් සිදුව තිබේ..ඉතාලි ජාතික සුප්‍රසිද්ධ ෆ්ලෙමින්කෝ නර්තන ශිල්පිනියක් වන වියෝලා කවානි ගේ නර්තන දායකත්වය මේ සදහා ලබාගැනීම සුවිශේෂිත්වයක් ගෙනදී තිබේ.නවක නිරූපණ ශිල්පිනියක් වන ඉෂාන්කා ඩ් .කොස්තා ද මෙහි රංගනයෙන් දායක වී සිටී .
සම්මානනීය කැමරා ශිල්පී කුලරුවන් ගමගේ කැමරා අධ්‍යක්ෂනයෙන්ද  , සම්මානනීය අංග රචනා ශිල්පී නාරධ තොටගමුව ගේ හැඩගැන්වීමෙන්ද,ප්‍රවීණ විලාසිතා නිර්මානශිල්පී නිල්හාන් සෙනවිරත්න ගේ ඇදුම් නිර්මාණයෙන්ද  හැඩ වූ මෙම රූප රචනාවෙහි කොණ්ඩා සැකසුම ප්‍රවීන කොණ්ඩා සැකසුම් ශිල්පී හරූන්ගෙනි.සමීර හදපාන්ගොඩ සංස්කරණයෙන් දායක වන මෙහි පරිගණක දෘශ්‍ය ප්‍රයෝග කනුෂ්ක දන්තනාරායනගෙනි. සහය අධ්‍යක්ෂනයෙන්  චතුර  බණ්ඩාර ද කලා  අධ්‍යක්ෂනයෙන් ලක්ශ්‍රි වජිර ද දායක වෙති .

මෙම රූප රචනාවෙහි පිටපත සහ අධ්‍යක්ෂණයද  මිහිර බණ්ඩාරගෙනි . Creative Advertising Team Service ( CATS ) හි නිෂ්පාදනයක් ලෙසින් ලගදීම ඔබ හමුවට මෙම ගීතය පැමිණෙනු ඇති .

20170515Punchikathawak-120170515Punchikathawak-2 20170515Punchikathawak-3 20170515Punchikathawak-4 20170515Punchikathawak-5 20170515Punchikathawak-6 20170515Punchikathawak-7 20170515Punchikathawak-8 20170515Punchikathawak-9 20170515Punchikathawak-10 20170515Punchikathawak-11 20170515Punchikathawak-12 20170515Punchikathawak-13 20170515Punchikathawak-14 20170515Punchikathawak-15 20170515Punchikathawak-16 20170515Punchikathawak-17 20170515Punchikathawak-18 20170515Punchikathawak-19 20170515Punchikathawak-20 20170515Punchikathawak-21 20170515Punchikathawak-22 20170515Punchikathawak-23 20170515Punchikathawak-24