ප‍්‍රවීන්ගේ 'මතක පෙරදා' මියුසික් විඩියෝව

  • 08-05-2016
  • Views 19179

2016-05-06-ent-35

සංගීත ක්ෂේත‍්‍රයට ආධුනිකයෙකු වන ප‍්‍රවීන් සුරංගගේ කුළුඳුල් ගීතය හා මියුසික් විඩියෝව එළැඹෙන මැයි 13 වැනිදා එළිදැක්වීමට සූදානම් කර තිබේ. පසුගියදා ප‍්‍රවීන්ගේ "මතක පෙරදා" ගීතයේ මියුසික් විඩියෝව රූපගත කළ අතර එහි ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

අද රැුල්ලට නිර්මාණය වුණ ප‍්‍රවීන්ගේ "මතක පෙරදා" ගීතයේ පද රචනය රොහාන් පතිරණ විසිනි. මෙහි ගී තනුවද ඔහු විසින්ම නිර්මාණය කර ඇති අතර, සංගීතය මුසුකොට ඇත්තේ කසුන් පොල්ගම්පොළ විසිනි. මෙහි මියුසික් විඩියෝව නිර්මාණය කර ඇත්තේ නව පරපුරේ ජනප‍්‍රිය ගීත රූප රචනා අධ්‍යක්ෂවරයෙකු වු අජන්ත ඒකනායක විසිනි.

"මතක පෙරදා" මියුසික් විඩියෝව තුළ ගීත ගායනයෙන් එක්වන ප‍්‍රවීන් සුරංග සමගින් ජනප‍්‍රිය නිළි පියුමි හංසමාලී හා සුපුන් සඳරුවන් දෙදෙනාද ඇතුළු ක්ෂේත‍්‍රයට නවකයන් පිරිසක්ද මෙහි රංගනයෙන් දායක වී ඇත. මෙහි සියලූ‍ රූපගත කිරිම් කටයුතු මොරටුව ප‍්‍රදේශයේ නිවසක සිදු කර ඇති අතර, ඒ දිනක් වැනි කෙටි කාලයක් තුළදීය.

මෙම මියුසික් විඩියෝව නිර්මාණය කළ අජන්ත ඒකනායක විසින්ම මෙහි කැමරා අධ්‍යක්ෂණයෙන්ද දායක වී ඇති අතර, කලා අධ්‍යක්ෂණයෙන් මිලින්ද මධුෂංක හා ඉසුරු ධනංජයද, වේෂ නිරූපණයෙන් චතූ වනසිංහද, උපකරණ සැපයීමෙන් කසුන් විදුරංගද සහය වී ඇත. එමෙන්ම මෙම මියුසික් විඩියෝව සාර්ථක නිම කර ගැනීමට ජයතිලක එදිරිසූරිය, හෂාන් පන්නිලගේ, තරු ද සිල්වා හා සුරංග ප‍්‍රනාන්දු නන් අයුරින් සහය දක්වා ඇත.

 

 

බුද්ධික සේනාධීර

 

2016-05-06-ent-33
2016-05-06-ent-34
2016-05-06-ent-36
2016-05-06-ent-37
2016-05-06-ent-38
2016-05-06-ent-39
2016-05-06-ent-40