ජනප්‍රිය රූප රචනා රැසක් නිර්මාණය කල "සිනමා ෆැක්ටරී" ආයතනය විසින් අලුත්ම ගීතයේ රූප රචනාවේ රූගත කිරීම් කටයුතු පසුගියදා සිදු කරනු ලැබීය. වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන දයාසිරි ජයසේකර සහ ජනප්‍රිය යොවුන් ගායක සජිඩ් හසන් දෙදෙනා එක්ව ගායනා කරන මෙම ගීතය නම් කොට ඇත්තේ "සිත හඬවලා ඔබ දුරගියා ඉතින්" ලෙසයි. ප්‍රසාද් සමරතුංගගේ පද රචනයකට අනුව මෙහි සංගීතය මුසු කොට ඇත්තේද ගීත ගායනයෙන් සහය වන සජිඩ් හසන්ය. ගීත රූප රචනාව සඳහා ටෙලි නාට්‍යය හා සිනමා නළු නිළියන් යුවළක් වන දර්ශන් ධර්මරාජ්, මැණික් විජේරත්න හා ගගන් මලික් රංගනයෙන් දායක විය. මෙහි රූපගත කිරීම් කටයුතු සියල්ල කෘත්‍රිම පසුතලයන් යොදා නිර්මාණය කර තිබුණ අතර, ඒ සඳහා දින දෙකක කාලයක් වැයවුණ බව මෙම රූප රචනාව අධ්‍යක්ෂණය කළ අජන්ත ඒකනායක "සාරවිට" අපිට පැවසීය.
බුද්ධික සේනාධීර
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022







