පෙනී සිටීම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දුරකථන පාටියේ ලොකු තැනට මේ දවස්වල එයාගේ හිරේ ඉන්න මන්ත්‍රී ගැන දෙපැත්තෙන්ම එක එක යෝජනාලු. කට්ටියක් කියනවලු එයාව අයින් කරන්න කියලා. තව කට්ටියක් කියනවලු එයාට විනය ක්‍රියාමාර්ග ගන්න කියල. ඒත් ලොකු තැන ඒ දෙකම කරන්නේ නැතුව ඒ මන්තිරි තැන වෙනුවෙන් පෙනී ඉන්නලු යන්නේ.

හැබැයි ඒකට බහුතරයක් විරුද්ධලු. ගොඩක් අය කියන්නේ අඩුම ගාණේ ඒ ගැන කතා කරන්නවත් එපා කියලා. මොකද එයාලගේ සමහර සුළු පක්ෂ මන්ත්‍රී සගයො කොළේ වහලා පැනලා ගිය නිසා මෙයත් අනාගතේ එහෙම වෙයි කියලලු කියන්නේ. ඒත් ලොකු තැන කියන්නේ එයා මොනව කළත් මිනිහා අමාරැවෙ වැටුණු වෙලාවේ අපි ඉන්න ඕන කියල. ඒ නිසා දිගටම එයා වෙනුවෙන් ඉන්න එතුමා තීරණය කළාලු.



More In Hot Story