පරිපාලන ලේකම් උන්නැහේට ලැබුණ මාරැව නිසා කළකිරැණු උන්නැහේ විශ්‍රාම අරන් යන්න යනවලු... මේ මාරැව කරන්න සිද්ධවුණත් විෂයභාර ඇමැති තැනත් රටේ ලොකු මහත්තුරැ දෙන්නත් ඒ ගැන නැවත සලකා බලල සුදුසු පට්ටමක් දෙන්නත් ගියා කියලා ආරංචියි. ඒත් පරිපාලන ලේකම්තැන විශ්‍රාම ගැනීමේ තීරණය තවම වෙනස් කරලා නැතිලු...
උන්නැහේ යහපාලනයට කොයිතරම් කැපවුණත් මේ මාරැවට නූල් සූත්තර කරපු කෙනෙක් නිසාලු එයා යන්නෙ... මේ නූල් සූත්තරකාරයා රටේ ඉහළම පුටුවක ඉන්න පසුගිය ඡන්ද කාලේ "කළු පොතේ" නම ලියැවුණ පොරක්ලු...
උන්නැහේ කොළඹ හතේ එක්තරා නිවාස සංකීර්ණයක් ආණ්ඩුවෙ ඉහළ තනතුරැ දරන්නන් වෙනුවෙන් මිලදී ගනිද්දී සිද්ධ වෙච්ච මිලියන එකසිය පනහක.. දෙසීයක ගනුදෙනුවක් ගැන ලිපිගොනු සහ සියලු තතු පරිපාලන ලොක්ක අතේ තිබීමත් මේ කතන්දරේට බලපාන්න ඇති කියල සමහරැ කියන කතා කනින් කොනින් ඇහිලා තියනවා.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
