ඇයි මට Call නොඑන්නෙ?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-12-ent-249කලා ක්ෂේත්‍රයට සම්බන්ධ මාධ්‍යවේදියෙකුට පහුගිය දවසක ඔහුගේ හොඳම හිතවතෙකු කතා කරලා ඉල්ලීමක් කළාලු.

“මගේ හිතවත්ම මල්ලි කෙනෙක් ඉන්නවා, පොඩි කාලෙ ඉඳලම රඟපාන්න පුදුම උණක් තියෙන්නෙ. ඔන්න දැන් ටෙලිනාට්‍ය තුන හතරක පොඩි පොඩි චරිත කරලා තියෙනවා. පුළුවන් නම් එයා ගැන මොනවහරි පොඩි කෑල්ලක් පත්තරේ දාලා දෙන්නකො.”

මාධ්‍යවේදියා ටික කාලයක් දෙන්න කිව්වලු වැඩේ කරන්න. ඒ අතරතුර අර මල්ලිට මාධ්‍යවේදියාගෙ ෆෝන් නම්බර් එක යාළුවා දීලා.

ඔන්න දැන් මාධ්‍යවේදයාට ඉන්න නැහැල්ලු. දවසට තුන් හතර පාරක් අර මල්ලි කතා කර කර වාත වෙනවලු. මාස දෙකක් විතර ගියාට පස්සෙ එයා ගැන පුංචි කෑල්ලක් දාලා දුන්නලු, එයාගෙ දුරකතන අංකෙත් සඳහන් කරලා.

පත්තරේ පළවෙලා දවස් දෙකක් ගියාට පස්සෙ මෙයා ආයිත් කෝල් කර කර ඉන්නවලු මාධ්‍යවේදියාට.

“ඒ පාර මොකද මල්ලි, පත්තරේ ගියානෙ?”

“අනේ අයියේ, පත්තරේ ගියා, හැබැයි ඒත් මේ වෙනකම් මට කවුරැත් කතා කළේ නැහැනෙ.”

මාධ්‍යවේදියාට මල පැන්නලු.

“ඒකට මට මොනවද කරන්න කියන්නෙ මල්ලි. ඕනෙනම් මම රූවෙලා ඒකට කෝල් එකක් ගන්නම්.” ඔහු කිව්වලු.

 

DESHAYA