ගමන දිගයි ආයුෂ කෙටියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-15-ent-223මේ දවස්වල පුංචි තිරයේ දිගහැරෙන සමහර නාට්‍ය දිහා බැලුවාම ඇතිවෙන්නෙ පුදුමාකාර දුකක්. කොටස් සීයකින් ඉවරවෙයි කියලා හිතෙන සමහර ටෙලිනාට්‍ය, ඒවායේ ඇතැම් චරිත ජනප්‍රිය වුණු ගමන් ඒ නාට්‍ය බඩවැල් වගේ තව තවත් අදිනවා. 200, 250 වගේම 300 ත් පනිනවා. සමහරු ඒවායේ දෙවෙනි කොටසත් ගේනවා.

ඒ වගේ සමහර නාට්‍ය නිසා අපේ ප්‍රවීණ මෙන්ම දක්ෂ තරුණ නළු නිළියන්ටත් වෙන්නෙ නරකක් මිස හොඳක් නෙවෙයි.

නාට්‍යයක් මිනිස්සුන්ට එපාවෙන තරමට ඇදෙනකොට ඒ නාට්‍යයේ ඉන්න නළු නිළියන්වත් මිනිස්සුන්ට එපාවෙන කාලයක් එනවා.

මෑතකදී ඉතාම ජනප්‍රිය වූ ටෙලිනාට්‍යයක රඟපාපු අතිදක්ෂ රංගන ශිල්පියෙක් මේ හේතුව නිසාම ඒ නාට්‍යයෙන් අයින් වෙලාලු.

කොටස් 100, දැන් 200 කරලා ඊටපස්සෙ 500 කරා යන්න හදනකොට සිදුවෙන නිර්මාණ හානිය ගැන ඔහු නිෂ්පාදකවරැන්ට තේරුම් කරලා දුන්නලු.

හෙට අනිද්දම බලාගෙන ඉන්නකො, ඔහුව කතාවෙ රට යවන හැටි.

 

DESHAYA