ගායක පුතාගේ ගොන් ෂෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20180118Singer-1පහුගිය දවසක නුගේගොඩ පැත්තෙ සුප්‍රසිද්ධ මංගල ඇඳුම් මහන ආයතනයක් ඉදිරිපිටදී සිදු වූ සිදුවීමක්.

වාහන නවත්වා තැබීමේ පහසුකම් අවම මෙතැනට සමාජයේ විවිධ තරාතිරම්වල අය ඇඳුම් මහන්න එනවා.

ඔය කියන දවසෙත් එක් වාහනයකට ඉඩක් තිබුණ නිසා එහි ආරක්ෂක නිලධාරියා එක්තරා වාහනේකට එන්න සංඥා කළා. ඒත් වාහනේ දානවත් සමඟම ලොකු නලා ශබ්දයකුත් එක්ක කොහේදෝ ඉඳලා අර කඩේ පඩිය උඩටම කාරෙකක් දැම්මෙ කවුරුත් පුදුම කරවමින්.

අර ආරක්ෂක නිලධාරියා ඉඩ හදලා දුන්න රතු වාහනය එකපාරටම නතර කරගත්තා.

ආරක්ෂක නිලධාරියා අර බලහත්කාරයෙන් දාපු වාහනේ රියදුරාට කෑගහන්න පටන් ගත්තා කරපු නරුම වැඩේට. ඒත් එක්කම ඒ වාහනේ ආපු කෙනා වාහනේ වීදුරුව පහත් කරලා ආරක්ෂක නිලධාරියාට බැණ්නලු.

‘තමුසෙ මාව අඳුරන්නෙ නැද්ද? මම අහවලා. මට මෙතන වාහනේ ගහන්න බැරි මොකද?’ බැලින්නම් ඔහු ප්‍රසිද්ධ ගායකයෙක්. ඔහුගේ පියා අද ජීවතුන් අතර නැති රටම දන්නා ගායකයෙක්.

අර මනුස්සයා එහෙම කෑගැහුවම අර රතු පාට කාර් එකේ ආපු කෙනා වාහනේ රිවස් කරලා යන්න ගියේ ආරක්ෂක නිලධාරියාට වචනයක් කියලා.

‘අපි සින්දු කියන්න පටන්ගත්තු කාලෙ මෙයා ඉපදිලාවත් නැහැ.’

අර රතු කාර් එකේ ඉඳලා තියෙන්නෙ රටම ආදරය කරන ප්‍රවීණ ගායකයෙක්.

 

DESHAYA