ජොගිං පාරෙ කිරි අදිනවලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-02-ent-94ඔහු ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක්. කෙතරම් කාර්යබහුල වුවත් තම ශරීර සුවතාවය ගැන උනන්දු වන කෙනෙක්. ගෙදර ඉන්න දවස්වල අනිවාර්යයෙන්ම උදේ පාන්දරින්ම ඔහුව මුණගැහෙන්නෙ ගෙවල් ළඟ තියෙන ජොගිං පාරේ.

ඔන්න පහුගිය සතියෙ දවසක ඔහුව දකින්න ලැබුණෙ වෙනස් ස්වරෑපයකින්.

වෙනදට ට්‍රැක් කිට් එක ඇඳන් වේගෙන් ජොගිං මාවතේ ඇවිදයන ඔහු පහුගිය දවස්වල දැක්කෙ කොට කලිසමක් ඇඳගෙන අත්දෙකේම කිරිබෝතල් දෙකක් අරගෙන යන එක.

‘මොකද්ද මේ සීන් එක,’ ඔහුගෙන් යාළුවෙක් අහලා තියෙනවා.

‘නෑ මචං මගේ නෝනගේ නංගිලා පවුලම රට ඉඳන් ඇවිල්ලනෙ. ඒගොල්ලො බොන්නෙ ෆ්‍රෙෂ් මිල්ක්. ඉතින් ළඟ තියෙන ගේකින් උදෙන්ම ගිහින් එළකිරි ගේන එක තමයි මේ දවස්වල මගේ පළවැනි රාජකාරිය,’ ඔහු කිව්වලු.

 

DESHAYA