ටෙනිසන් කුරේට මළගෙවල් තහනම්ලු!



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-19-ent-49අපේ ප්‍රවීණ රංගන ශිල්පී විකට රජා ටෙනිසන් කුරේ හිත හොඳ සොඳුරු සංවේදී මිනිසෙක් බව ඔහු ඇසුරු කරන හැමෝම දන්නා කාරණයක්.

ඕනෑම කෙනෙකුගේ දුකට සැපට ඉදිරිපත් වෙන්න ටෙනී පැකිලෙන්නෙ නැහැ.

හිතවතෙකුගේ මළගෙයක් ආරංචි වුණත් එහෙමයි. නමුත් ටෙනීගෙ හිතවතෙකුගේ පවුලේ කෙනෙක් නැතිවුණාම ඒ හිතවතුන්ම ටෙනීට කෝල් කරලා කියනවලු, ඔහුට මළගෙදරට එන්න එපා කියලා.

මොකද ටෙනී යන මළගෙවල් වෙනත් සිරියක් ගන්නවලු ඔහු ගියාට පස්සෙ.

ඒත් ටෙනීට පහුගියදා හරිම ඇබැද්දියක් සිද්ධ වුණා.

ඔහුගේම ගෙදර හිටපු ඔහුගෙ නැන්දම්මා නැතිවුණා. මේ මළගෙදර දාලානම් ටෙනීට කොහේවත් යන්න බැරිවෙලා.

 

DESHAYA