තොල පැලුණත් වැඩේ ගොඩ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20180207Lips-1ප්‍රකට රංගන ශිල්පිනී සෝනියා දිසා මේ දිනවල මාධ්‍යවල කතාබහට ලක්වෙන චරිතයක්.

චිත්‍රපට 150ක පමණ රංගනයෙන් දායකවෙමින් ආදායම් වාර්තා තැබූ චිත්‍රපට 10කට වැඩි සංඛ්‍යාවක් නිෂ්පාදනය කළ සෝනියා ජීවිතයේ බොහෝ දුක් කම්කටොලුවලට මුහුණදුන් චරිතයක්. ඒ සැබෑ ජීවිතේදී.

සිනමා ජීවිතයේ සෝනියා දැඩි කැපවීමෙන් වැඩ කළ රංගන ශිල්පිනියක්.

‘එදත් සූරයා අදත් සූරයා’ චිත්‍රපටය කරන කාලෙ සෝනියාට දවසක් අධ්‍යක්ෂ ලෙනින් මොරායස් කිව්වලු, පහුවදා මෝටර් බයිසිකලයක් පදින සීන් එකක් එයාට තියෙනවා කියලා. මෝටර් සයිකල් පැදලම නැති සෝනියා දවසකින් පදින්න ඉගෙන ගෙන ඊළඟ දවසෙ ෂූට් එකට ලෑස්තිවෙලා. කාර් දෙකක් මැද්දෙන් සෝනියාට තිබුණෙ වේගයෙන් මෝටර් සයිකලය ධාවනය කරගෙන යන්න. එක කාර් එකකින් බෑගයක් අරගෙන පලායන්නයි ඇයට තිබුණෙ. පළවෙනි ටේක් එකේදී බෑගය හුළඟෙ ගිහින් වැඩේ අවුල් වුණා. ඊළඟ ටේක් එකේදී ලෙනින් බෑග් එකට ගලක් දාලා, සෝනියා දන්නෙත් නැහැ. කාර් එකෙන් වීසිකරපු බෑග් එක වැදුණේ සෝනියාගෙ කටේ. ඒත් ඇය සීන් එක සාර්ථකව කරලා.

ඊටපස්සෙ තමයි ඉස්පිරිතාලෙ ගිහින් මැහුම් දාගෙන තියෙන්නෙ. අද පරපුරේ මෙවැනි කැපකිරීම් සිදුවෙනවා නම්, අපේ කලා ක්ෂේත්‍රය මොන තරම් ඉහළ තලයක පවතීවිද?

DESHAYA