දිව්වට දිව්ව හේතුව දන්නෑලු…



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20180118Run-1ඔන්න ඔය සනත් ගුණතිලක ප්‍රවීණ කලා ශිල්පියා පවුල් සංවිධාන සංවිධානයේ උත්සවේට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වුණාට ඒ උත්සවයට තවත් ජනප්‍රිය කලා ශිල්පීන් දෙන්නෙකුත් ආවලු පොඩි වැඩසටහනක් ඉදිරිපත් කරන්න. ඒ තමයි කුමාර තිරිමාදුර හා මිහිර සිරිතිලක.

උත්සවය ඉවරවෙලා කුමාර සනත් එක්ක කතා කරලා එවෙලෙම කුමාරගෙ බිරියට කෝල් එකක් අරගෙන.

‘මට අද වැඩේදි සනත් අයියා හම්බවුණා. දැන් මා ළඟ ඉන්නෙ. එයාගෙ වැඩේ ඉතින් කොහෙ දැක්කත් මට බණින එක තමයි, මම හැදෙන්නෙම නැහැ කියලා...’ කුමාර නෝනට කතා කරලා සනත්ටත් ෆෝන් එක දීලා.

‘නංගි ඔයා මෙතෙනට එනවද?’

‘නැහැ සනත් අයියා මම හොස්පිට්ල් එකේ... ඩර්ඩන්ස් එකේ... කුමාර දැන් මෙහෙට එයි...’

‘ඇයි නංගි අසනීපෙන්ද?’ සනත් අහනවාත් එක්කම ලයින් එක කට්වෙලා.

සනත් කුමාරව ඩර්ඩන්ස් එක ළඟින් බැස්සුවා. කුමාර බැස්ස ගමන් හොස්පිට්ල් එක ඇතුළට එකපිම්මට දුවන්න පටන් ගත්තලු. සනත් එයාගෙ පස්සෙන් දුවනවා. සනත් බැරිම තැන නර්ස් කෙනෙකුටයි සිකුරිටි නිලධාරීන් දෙන්නෙකුටයි කතා කරලා කියලා කුමාරගෙ නෝනට අමාරැද දන්නෙ නැහැ මෙහෙම දුවන්නෙ කියලා.

කොහොම හරි ඉස්පිරිතාලෙ ඇතුළෙ කුමාරගෙ පස්සෙන් සනත්, සනත්ගෙ පස්සෙන් නර්ස්, නර්ස්ගෙ පස්සෙන් ආරක්ෂක නිලධාරීන් දෙන්නා දුවනවලු. එකපාරටම කුමාර මිසිං වෙලා.

අද වෙනකම් ඒ දිවිල්ලට හේතුව කිසිම කෙනෙක් දන්නෙ නැහැල්ලු.

DESHAYA