දුරකතනය හංගන නළුවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20180207Phone-1සමහර අය අලුතින්ම වෙළෙඳපොළට එන නවීනතම ජංගම දුරකතන මාස තුන හතරකට වරක් මාරැකරනවා. ඒත් තවත් සමහරු ඉන්නවා ජංගම දුරකතන වෙළෙඳපොළේ මොන තරම් අලුත් මාදිලි ආවත් ඔවුන්ගේ පරණ දුරකතනයම පාවිච්චි කරනවා. ඒගොල්ලන්ට දුරකතනයේ ප්‍රමාණය වැදගත් වෙන්නෙ නැහැ.

ඔන්න ජනප්‍රිය කලා ශිල්පියෙක් ඉන්නවා, ඔහුත් පාවිච්චි කරන්නෙ පරණ පොඩි ෆෝන් එකක්.

උත්සවවලට, විශේෂයෙන් වෙඩින්වලට එහෙම ගියාම මෙයා කරන්නෙ ෆෝන් එක ඕෆ් කරලා සාක්කුවෙ දාගන්නවා. මොකද දැන් හැමෝම පුරැදුවෙලා තියෙන්නෙ උත්සවවලදී තමතමන්ගෙ නවීනතම ෆෝන් එළියට අරගෙන සෙල්ෆි ගන්න එකයි, ෆොටෝ ගන්න එකයි වීඩියෝ කරන එකයිනෙ.

‘කිසිම හදිස්සියකට මම නම් මගේ ෆෝන් එක එළියට ගන්නෙ නෑ උත්සවවලට ගියාම,’ ඔහු යාළුවන්ට නිතරම කියනවා.

DESHAYA