නළු අයියා සලාද පෝලිමේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-02-ent-93සිංහල සිනමාවේ එක්තරා දක්ෂ ශිල්පියෙක් පහුගිය දවසක තරැපහේ හෝටලයක මංගල උත්සවයකට සහභාගි වුණාලු.

එයාට වාඩිවෙන්න ලැබුණෙ ඉතාම ජනප්‍රිය රංගන ශිල්පිනියන් තිදෙනෙක් සිටි මේසයක. සතුට ඉහවහ ගිය නිසාදෝ මිනිත්තුවකට සෙල්ෆි පහ හය අරගෙන FB එකෙත් දැම්මලු.

ඔන්න දැන් කෑම කන්න පටන් ගත්තා. මෙයත් අර නිළියො තුන්දෙනා පිටිපස්සෙන්ම ගිහින් බුෆේ පෝලිමේ හිටියලු. මෙයාට හොඳටම බඩගිනිත් එක්කලු. ඔන්න දැන් පිඟාන අරගෙන බෙදන්න යනකොට තමයි දැකලා තියෙන්නෙ මෙයා ඉන්නෙ සලාද කන පෝලිමේ කියලා. පුළුවන් තරම් පිඟානට බෙදාගත්තත් බඩගින්න වැඩිකමට ඒවා බඩට දැනිලත් නැහැල්ලු.

ඔහු වහාම වාහනේ අරන් ළඟම තියෙන එයාගෙ හොඳම යාළුවෙකුගෙ ගෙදරට ගියේ යන ගමන් කෝල් එකක් දීලා.

‘මම දැන් එනවා. මට දැන්ම කන්න කෑම ලෑස්ති කරලා තියන්න,’ කියලා.

 

DESHAYA