ප්ලේන් එකට නගින්නෙ ගෙදර ජනේලෙන්ලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-25-ent-67ඇය නව පරපුරේ නිළියක්. ඒ වගේම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. ඒ සැමටම වඩා ඇය වෘත්තියෙන් ගුවන් සේවිකාවක්. දැඩි කාර්ය බහුලත්වය මධ්‍යයේ වුවද ඇය මේ සියලු කටයුතු සාර්ථකව සමබරව කරගෙන යනවා.

ඔන්න දවසක් ඇයට ෂූට් එකකට එන්න තිබුණේ උදේ 10ට විතර. 9 වෙද්දී ඒ චිත්‍රපටයෙ සහාය අධ්‍යක්ෂකවරයා ඇයට දුරකථනයෙන් කතා කරලා. “අයියෝ නංගී ඔයා තාම නිදිද? අනේ මන්දා ඔයා ‘එයා හොස්ටස්’ කෙනෙක් නේද? වෙලාවට වැඩ කරන්න එපායැ...” කියලා ඔහු ඇයට කිව්වම කෙල්ල අපූරු උත්තරයක් දීලා.

“අයියෝ මගේ රස්සාවෙ හැටියට මම ඒ වගකීම අකුරටම කරනවා. මට ඒකට නිදහස ලැබිලා තියෙන්නේ. මම වැඩ කරන ෆ්ලයිට් එක අපේ ගෙදර ජනේලෙ ළඟින් ස්ලෝ කරගෙන යනකොට තමයි මම ඒකට නගින්නෙ. අපි ඉන්නෙත් කටුනායකනෙ...”

සහාය අධ්‍යක්ෂක අන්දුන්කුන්දුන් වෙලා දැන් එයාගෙ දන්න කියන යාළුවන්ගෙන අහනවලු එහෙම වෙන්න පුළුවන්ද කියලා තහවුරු කරගන්න.

 

DESHAYA