බර ගාණක් හැරිලා ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-21-ent-101ඔය චිත්‍රපට කෙරුවාව වගේ නෙවෙයි නාට්‍ය කෙරුවාව. ඒකට ඉතින් පුදුම මහන්සියක් වෙන්න ඕනේ. මොකද තාක්ෂණයට වඩා ඔතන මිනිස් ශ්‍රමයත් එක්කනේ ගනුදෙනු කරන්නේ.

ඔන්න ඉඳලා ඉඳලා අපේ ප්‍රවීණ කලාකරුවෙකුත් වේදිකා නාට්‍යයක් හදලා. කලා ලෝකේ වගේම ඔහුගේ ප්‍රභූ හිතවතුන් රැසක් එක්කම මේ ශිල්පියා මංගල දර්ශනය බලලා තියෙන්නේ මුල් පුටු පේළියේ ඉඳලා.

වැඩේ ඉවර වුණාට පස්සේ තමයි පියවි ලෝකෙට ඇවිත් තියෙන්නේ.

‘කොහොමද වැඩේ නැගලා ගියා නේද?’ කියලා සංවිධායකයන්ගෙන් ඇහුවලු.

‘බර ගාණක් හැරිලා ගියානේ’

‘ෂා.. නියමයිනේ. එහෙනම් ටිකට් සේරම විකිණිලා ඇති නේද? අපේ කැපවීමේ ප්‍රතිඵලය තමයි’ ඔහු කියාගෙන ගියාලු.

‘කැපවීමේ ප්‍රතිඵලය නිසා නෙවෙයි. ඔය දහ ජරාව බලන් ඉන්න බැහැයි කියලා බර ගාණක් බාගෙට හැරිලා ගියේ...’

 

DESHAYA