බුදු අම්මෝ අලි ආවෝ...



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-11-ent-31මේකත් හබරණ පැත්තට විනෝද ගමනක් ගිය අපේ කලා ලොවේ ශිල්පීන්ට සිද්ධවුණ අකරතැබ්බයක්.

මේ කට්ටිය හබරණට ගිහින් තියෙන්නෙ ටිකක් හවස්වෙලා. හෝටලේට ගිහින් මහන්සිය ඇරලා ටිකක් ඔසුපැන්වලින් සප්පායම්වෙලා ඉන්නකොට අවටින් වෙඩි හඬ කීපයක් ඇහිලා තියෙනවා.

හෝටලේ අයිතිකාරයා කියලා තියෙනවා බයවෙන්න දෙයක් නැහැ, ඕවා අවට ගම්වලට එන වල් අලි එලවන්න පත්තු කරන ඒවායෙ සද්ද තමයි කියලා.

ඔන්න එතනින් පස්සෙ මේ කට්ටියගෙම ප්‍රධාන මාතෘකාව වුණේ වල් අලි හා ඔවුන්ගෙන් වෙන හානි ගැනලු. හෝටලේ අයිතිකාරයා අවට ගම්වල මෑතකදී සිදුවුණ බියකරැ සිද්ධි ගැනත් මේ අයට කියලා.

මේ කතාවෙන් පස්සෙ කට්ටියම කාමරවලට ගිහින් තියෙන්නෙ පුදුම බයකින්.

එක කාමරේක හිටිය කලා ශිල්පීන් දෙන්නෙක් එකපාරටම පාන්දර දෙකට විතර නැඟිටලා විලාප දෙනවලු, "බුදු අම්මෝ අලි ආවෝ... අලි ආවෝ" කියලා.

සද්දෙට කට්ටියම කාමරේ දොර ඇරගෙන ආවලු බලන්න.

බැලින්නම් මේගොල්ලන්ගෙ මදුරැ නෙට් එක, උඩ ෆෑන් එකට කොහොමහරි පැටලිලා කාමරේ ඒ මේ අත වැදිලා තියෙනවා. මේගොල්ලො හිතලා තියෙන්නෙ අලියෙක්ගෙ වැඩක් කියලා.

 

DESHAYA