මචං මොන පත්තරේද ගියේ?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20180207Paper-1ඊයෙ පෙරේදා රංගන ක්ෂේත්‍රයට ගොඩවුණු ශිල්පියෙක්, දැන් පොරක් යැයි හිතාගෙන ඉන්න නළුවෙක් කියලයි ක්ෂේත්‍රයේ අය කියන්නෙ.

ඔන්න මෙයා ගැන පත්තරේක පොඩි හාස්‍යජනක සිද්ධියක් පළවුණාලු.

එදාම ඒ පත්තරේ වැඩ කරන යාළුවෙකුට කතා කරලා ලොකු බරබරයක් දැම්මලු.

‘අපි හිතාගෙන හිටියෙ ඕගොල්ලො අපිට ආදරේ කියලයි, ඒත් බලාගෙන යනකොට ඕගොල්ලො අපට පත්තරෙන් අපහාස කරනවනෙ.’

පත්තරේ අතේ තියාගෙනම මාධ්‍ය මිත්‍රයා ඔහුගෙන් ඇහුවලු මොනවද එයාට ඒකෙන් කරලා තියෙන අපහාසෙ කියලා.

‘මේකෙ තියෙන්නෙ හාස්‍යජනක සිද්ධියක්නෙ. කොහෙද අපහාසයක්? ඕගොල්ලො රූ දවල් හාස්‍යජනක නිර්මාණවල වැඩ කළාට හාස්‍යජනක රසය අඳුරන්නෙ නැහැනෙ,’ මාධ්‍ය මිතුරා කියලා.

ඔහොම කතා කර කර ඉන්න ගමන් අර නළුවා අහනවලු, ‘මචං මොන පත්තරේද ඒක ගිහින් තියෙන්නෙ,’ කියලා.

ඒ කියන්නෙ පත්තරේවත් බලන්නෙ නැතුව කවුරුහරි කියපු දෙයක් අල්ලගෙන කතා කරලා තියෙන්නෙ.

DESHAYA