මම ලයින් එකේම ඉන්නම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-21-ent-102මේකත් තරුවක් ගැන අහපු කතාවක්. හැබැයි මෙයා එක්තරා කාලෙක දිදුලන ක්‍රිකට් තරුවක් හැටියටයි ප්‍රසිද්ධ වෙලා හිටියේ.

ඔන්න එක කාලයක් තිබුණා එක දිගටම එයා අසාර්ථක වෙලා හිටියා. ලකුණු 5කට වඩා ගත්තෙම නෑ කිසිම මැච් එකක. ඒත් මෙයාට ටීම් එකේ ඉන්න වාසනාව ලැබෙනවා ජ්‍යෙෂ්ඨත්වය නිසා.

ඔන්න එක විදේශ සංචාරයක් සඳහා ටීම් එක එංගලන්තයට ගිහිල්ලා. හැබැයි මේ තරුවගේ නෝනා ලංකාවේ හිටියේ.

ඔන්න දවසක් මෙයාගේ නෝනා කෝල් එකක් අරගෙන එයාගේ ජංගම දුරකථනයට. ෆෝන් එක අරගෙන තියෙන්නේ අපේ ටීම් එකේ තවත් ක්‍රීඩකයෙක්.

‘අනේ අක්කේ පස්සේ කෝල් කරනවද? අයියා දැනුයි බැට් කරන්න ගියේ...’

‘හා ඒකට කමක් නෑ මල්ලි. මම ලයින් එකේ ඉන්නම්. එයා දැන් ආපහු එයිනේ.

 

DESHAYA