මලක් ගිය දුරක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-29-ent-76පහුගිය දවසක කළුතර පැත්තෙ ටෙලිනාට්‍ය රූපගත කිරීමක් තිබුණා. සතියක් විතර කට්ටිය නැවතිලා හිටියෙ ඒ කිට්ටුව ලොජ් එකක. පොඩි පොඩි අඩුපාඩු තිබුණත් දර්ශන තලයට කිට්ටු නිසයි ඒ තැන තෝරාගෙන තිබුණේ.

ප්‍රවීණ රංගන ශිල්පිනියකට දවස් දෙකක් ෂූටිං තිබුණලු මේකෙ. රෑවෙලා ලොජ් එකට ඇවිත් නාන කාමරේට යන්න ගියාම තමයි ඇය දැනගන්නෙ ඒක ඇතුළෙන් ලොක් කරන්න බැරි විත්තිය. හැබැයි එළියෙන් ලොක් එකක් තියෙනවා.

මේ ප්‍රවීණ නිළිය මේකෙ රඟපාන නවක නිළියකට කතා කරලා සිද්ධිය කිව්වලු.

‘ඔයා එළියෙන් ලොක් කරලා මේ ළඟම ඉන්න, මම වැඩේ ඉවර කරලා දොරට ගහන්නම්. එතකොට අරින්න. කොහෙවත් යන්න එපා හරිද? ප්‍රවීණ නිළිය එහෙම කියලා නාන කාමරේට ගිහින්.

විනාඩි පහක් ගියෙ නැහැ, මේ කෙල්ලගෙ ෆෝන් එකට එයාගෙ කොල්ලගෙන් කෝල් එකක් ඇවිත්. එළියට ගිහින් හරියට පැයයි විනාඩි විස්සක මලක් කඩලා ආපහු අර නාන කාමරේට එනකොට ප්‍රවීණ නිළිය හොඳටම බයවෙලා හති දාගෙන දොරට ගගහ ඉන්නවලු.

 

DESHAYA