මාළු මාළු මාළු...



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-15-ent-222

ඔන්න එකමත් එක චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ළමා නිර්මාණයක් කරන්න හිතාගෙන එයාගෙ තිරපිටපත අරගෙන නිෂ්පාදකවරු හොයාගෙන කීප පොළකට ගියාලු. ඒත් කවුරුත් වැඩේට හොඳ ප්‍රතිචාරයක් දක්වලා නැහැ.

චිත්‍රපටයෙ රඟපාන්න ළමා ශිල්පීන් තෝරාගෙන තිබුණෙත් සම්මුඛ පරීක්ෂණ තියලා. ප්‍රවීණ රංගන ශිල්පීන් කීපදෙනෙකුත් වැඩේ ඉන්නවලු.

ඔහොම කාලයක් ගියාම මෙයාට මීගමු පැත්තෙ නිෂ්පාදකවරයෙක් මුණගැහිලා. එයා ප්‍රසිද්ධ මාළු මුදලාලි කෙනෙක්ලු.

ඔන්න දැන් ෂූටිං පටන් ගත්තා කියමුකො. ළමයි සහ චිත්‍රපට කණ්ඩායම නැවතිලා හිටිය හෝටලේ ඉඳලා දර්ශන තලයට කිලෝමීටර් 40ක විතර දුරක් තියෙනවලු.

පළවෙනි දවස් දෙක තුනේම හොඳ AC කරපු වෑන් දුන්නලු දර්ශන තලයට යන්න එන්න.

ඒත් පස්සෙ වෑන් නැහැයි කියලා මාළු අදින බට්ටො ලොරි එවනවලු පුටු කීපයකුයි පැදුරැ ටිකකුයි දාලා. ළමයි ටිකයි, ඒගොල්ලන්ගෙ මවුපියො වගේම, කණ්ඩායමේ සෙසු අයත් ඒ වැඩේට විරැද්ධ වුණු නිසා ෂූටිං වැඩෙත් එතනින්ම නතරවෙලා තියෙනවා.

 

DESHAYA