මුණුපුරු මිණිපිරියන් රවට්ටන්න බැහැලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-11-ent-33මේක නම් මීට ටික කලකට පෙර සිදුවුණ අපූරු සිදුවීමක්.

ජනප්‍රිය වූ චිත්‍රපටයක ත්‍රාසජනක සටන් ජවනිකා රුසක් රූපගත කෙරුණෙ බලංගොඩ පැත්තෙ. ප්‍රධාන සටන් නළුවා ජනප්‍රිය චරිතයක්.

ඔන්න දැන් සටන් නළුවාට තියෙනවා අඩි ගණනාවක් උසින් තිබෙන කන්දකින් පහළින් දුවන ලොරියකට පනින්න. අධ්‍යක්ෂවරයා අර පනින දර්ශනයට අර ජනප්‍රිය සටන් නළුවා වෙනුවට පෙනීහිටින්න ඩබල් කෙනෙක් (අතිරේක නළුවෙක්) යොදාගෙන තිබුණා.

ඒත් අර ජනප්‍රිය සටන් නළුවා ඒකට අකමැති වෙනවා. අධ්‍යක්ෂකවරයා එම දර්ශනයේ ඇති භයානකකම පුනපුනා නළුවාට කිව්වත් ඔහු ඒ කිසිමදෙයක් ගණන් ගත්තෙ නැහැ.

“මට මගේ මුණුපුරු මිණිපිරියන්ට බොරු කරන්න බැහැ. කවදාහරි දවසක මගෙ ළමයි බැඳලා ඒගොල්ලන්ට දරැවො ලැබුණ කාලෙට, ඒ අය ලොකුවෙලා සීයගෙ චිත්‍රපට බලයි. අන්න එදාට මේ දර්ශනය කළේ මම නෙවෙයි ‍කියලා අහුවුණොත් මම රුවටිලිකාරයෙක් වේවි,” ඔහු අධ්‍යක්ෂකට කිව්වලු.

 

DESHAYA