මුරලි කොපි කරලා නිළියක් ඉස්පිරිතාලේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-11-ent-32අපේ කලා ලොවේ බොහෝ දෙනෙක් පහුගිය මාසයේ විනෝද ගමන් ගියේ ඒ මාසය තුළ වැඩ කෙරැණෙ බොහොම අඩුවෙන් නිසා.

ඒ වගේ නිවාඩු කාලවලින් ප්‍රයෝජන ගත්තු බොහෝ දෙනෙක් පිටරට සවාරි දාගත්තා. තවත් සමහරැ අපේම රටේ නොයෙක් තැන්වලට ට්‍රිප් දාගත්තා. ඔන්න අපේ තරැණ නිළියො සෙට් එකක් ට්‍රිප් එකක් දාගත්තා ත්‍රිකුණාමලය පැත්තෙ. දවස් තුනක් හොඳටම විනෝද වෙලා කොළඹ ආවට, එක නිළියක් නම් කෙළින්ම ගියේ ගෙදර නෙවෙයි, ඉස්පිරිතාලෙට.

බැලින්නම් වෙලා තියෙන්නෙ මේකයි. ත්‍රිකුණාමලේ ගිය වෙලාවෙ මේ නිළියො සෙට් එක ඇතිවෙන්න ක්‍රිකට් ගහලා. අර ඉස්පිරිතාලෙට ගිය නිළිය බෝල් කරලා තියෙන්නෙ මුරලිගෙ ඇක්ෂන් එකෙන්ලු.

අන්තිමේදි මුරලි වගේ බෝලෙ අඹරන්න ගිහින් මේ කෙල්ල එයාගෙ අත අඹරගෙන තියෙනවා.

 

DESHAYA