රෙදිත් නැතුව කඩේ ගිහින් වෙච්ච දෙයක්...



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-19-ent-51පහුගිය දවස්වල, සතිවල අපට වැඩවර්ජන ගැන අහන්න ලැබුණා. ඒවායෙ සාධාරණ අසාධාරණ දේවල් පැත්තක තියලා කතා කළොත් ඒවායින් සිද්ධ වුණේ අපේම මුදල්වලින් පඩි අරගෙන අපිවම අමාරුවෙ දාන්න හදපු එකනෙ.

ඔන්න මේ කතාව මතක් වුණේ දුම්රිය වර්ජනයක් තිබියදී කොළඹ පිටකොටුව ප්‍රධාන බස් නැවතුම්පොළේ වාර්තා වුණු සිද්ධියක් නිසා.

ගමට යන්න කෝච්චි නැතුව බස් රථයක් එනතුරු බලන් හිටපු සෙනඟ ගොඩේ එක මුහුණක් මිනිස්සු අඳුරගත්තලු.

“ඔයා නේද අද හවස ප්‍රවෘත්ති කිව්වෙ අර ටී.වී. චැනල් එකේ. ඔයා කතා කළේ ජනතාවගෙ පැත්ත ගැන හිතලද? අර දේශපාලන අතකොලු වෙච්ච කට්ටිය කියන දේවල් උලුප්පලා, මිනිස්සුන්ගෙ පැත්ත ගැන මායිම් නොකළ ඔයාම දැන් ඇවිත් මෙතන බස් ස්ටෑන්ඩ් එකේ ළතවෙනවා. මාධ්‍යයටත් අමතකවෙලා ඒගොල්ලො ජනතාවගෙ හඬක් වෙන්න ඕනෙ කියලා,”

දැනුම් තේරුම් ඇති කෙනෙක් ඔහුට එහෙම කියපු ගමන් ඔහු වාෂ්පවෙලා ගියාලු.

 

DESHAYA