'ලක්සරි' නිළියට ඩෝං ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-12-ent-252මේ කතාව තවත් නව පරපුරේ අලුත් නිළියක් ගැන අලුත් ආරංචියක්. කොළඹින් බැහැර එක්තරා ගමක තමයි මෙයා රඟපාන ටෙලිනාට්‍යයේ ෂූටිං සිද්ධවෙන්නෙ. මේ කියන නිළිය ප්‍රධාන චරිතයක් රඟපානවා. මැයට වඩා ප්‍රවීණ කට්ටියක් මේකෙ වැඩ කළාට, මෙයා තරම් සැප පහසුකම් සොයන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙන කෙනෙක් මේකෙ නැහැල්ලු.

ෂූටිං කරන දර්ශන තලය තියෙන්නෙ කට්ටියම නැවතිලා ඉන්න හෝටලයට කිලෝමීටර් දෙකක දුරින්ලු. ඒත් දර්ශන රෑපගත කරන ගෙදර සෑම පහසුකමක්ම තියෙනවලු, අඩු වැඩි වශයෙන්.

වැසිකිළි පාවිච්චියත් එහෙමලු. මේකෙ වැඩ කරන හැමෝම පාවිච්චි කරන්නෙ මෙතන තියෙන බාත්රෑම්. ඒත් මේ කියන නිළියට %ලක්සරි^ දේවල් නැතුව බැරි නිසා, ඇගේ අවශ්‍යතාවය සඳහා පමණක් අර හෝටලයට එක්ක ගිහින් ආපහු ගේනවලු.

දවසක් ඔහොම එන ගමන් නිෂ්පාදක කළමනාකරැ නිකමට වගේ ඇගෙන් ඇහුවලු, හැමෝටම යන්න පුළුවන් නම් ඔයාට විතරක් ඇයි මේ ටොයිලට් යන්න බැරි කියලා.

ඔන්න එදායින් පස්සෙ මලපැනපු නිළිය දැන් දින දෙන්නෙ නැහැල්ලු. දීපු දිනත් විවිධ හේතු කිය කියා කැන්සල් කරනවලු.

 

DESHAYA