වැඩේ ලෝකල්ද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-29-ent-77එක්තරා රංගන ශිල්පියෙක් ඉන්නවා, එයා ආවට ගියාට වැඩ භාරගන්නෙ නැහැ. නිතරම ස්ක්‍රිප්ට් එක ගැන හොයලා බලනවා. ස්ක්‍රිප්ට් එක නැතුව වැඩ බාරගන්නෙත් නැහැ.

පරිවර්තන නාට්‍ය දෙක තුනකත් රඟපාලා තියෙන ඔහු දවසක් හිතාගත්තලු, ලෝකල් නිර්මාණවල මිසක් පිටරට කතාවලට සම්බන්ධ නිර්මාණවලට දායකවෙන්නෙ නැහැ කියලා.

ඔන්න දවසක් ඔහුට කෝල් එකක් එනවා ටෙලිනාට්‍ය නිර්මාණයකට සම්බන්ධ කරන්න.

‘ලෝකල් ද ලෝකල් ද? මම ලෝකල් වැඩවලට විතරයි එන්නෙ...’ ඔහු කිව්වලු.

‘ලෝකල්? මල්ලි ඔයා හිතුවාද ඔයාව අමෙරිකාවෙ, චීනෙ, කොරියාවෙ හදන ටෙලිනාට්‍යවලට ගනී කියලා. ලංකාවෙ හදන්නෙ ලෝකල් ටෙලිනාට්‍ය තමයි,’ දුරකතනයෙන් කතා කරපු අධ්‍යක්ෂකවරයා කිව්වලු.

 

DESHAYA