හා අම්මිගෙන් කංකුං call එකක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-19-ent-50ඔන්න පහුගිය දවසක ප්‍රවීණ රංගන ශිල්පියෙක් රෑපගත කිරීමකට සම්බන්ධවෙලා හිටියලු. හරියට ෂූටිං වෙලාවෙම එයාගෙ ෆෝන් එකට කෝල් එකක් ඇවිත්. හැබැයි ෆෝන් එක තිබුණෙ සහාය අධ්‍යක්ෂක ළඟලු.

කෝල් එක ඇවිත් තියෙන්නෙ රංගන ශිල්පියාගෙ නෝනගෙන්.

“අයියා ෂූට් එකේනෙ මේ වෙලාවෙ, හදිසියක්ද?” සහාය අධ්‍යක්ෂක ඇහුවලු.

“නැහැ මල්ලි, ෂූට් එක ඉවර වුණාම කියන්නකො පැටවු දෙන්නෙක් ලැබුණා, ගෙදර එනකොට අර කියාපු දේ ගේන්න කියලා...”

“ළදරු ඇඳුම් ද අක්කෙ..?”

“පිස්සුද මල්ලි මතක ඇතුව කංකුං මිටියක් ගේන්න කියන්න...”

“කංකුං?” ඔහු අන්දුන් කුන්දුන්වෙලා ඇහුවලු.

“අනේ මල්ලි අපේ ඉන්නවනෙ හාවො ජෝඩුවක්. හා අම්මිට දැන් පැටවු දෙන්නෙක් ලැබුණා...” ඇය කිව්වලු.

 

DESHAYA