හැට පැන්නත් බයිසිකලෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-21-ent-103පසුගියදා හැත්තෑ පස්වනවියට පා තැබූ ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පී සූරියකුමාර් මුත්තලගේ තවත් කඩඉමක් පසු කළා.

ඒ තමයි ඔහුගේ ගායන දිවියේ 60 වැනි සංවත්සරය. කලා ලොවේ කා සමඟත් සුහදශීලීව ඇසුරු කරන මුත්තලගේ, විදෙස් රටවල් විශාල සංඛ්‍යාවක සිය සංගීත ප්‍රසංග පවත්වලා තියෙනවා.

එහෙත් ඔහුගේ එදා මෙන්ම අදත් ගමන දුප්පත් බයිසිකලේම තමයි. සමහර වෙලාවට ඔහු කෝට් එක එල්ලගෙන කොළඹ වීදිවල බයිසිකලේ පැදගෙන යනවා බොහෝ අය දැකලත් ඇති.

තම කුසලතාවය හෝ ජනප්‍රියත්වය කොයි හැටි වෙතත් සරල ජීවිතයක් ගත කිරීම කලාකරුවකුට මොනතරම් සතුටක් ගෙනදෙනවද කියලා තේරැම් යන්නේ සූරියකුමාර් මුත්තලගේ එක්ක සුළු මොහොතක් දොඩමළු වුණාමයි.

 

DESHAYA