දේශපාලන අනන්‍යතාවේ FB ක්‍රියාදාමය.



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-06-02-ent-01අලුත් ආණ්ඩුවට දැන් වසර දෙකකුත් ගෙවී ගොස්ය. FB එකේ ඉන්න අයට තාම ඒක දැනිලා නැතුව වගේය. රටක බුද්ධිමත් මිනිසුන් කටයුතු කළ යුත්තේ රට වෙනුවෙන් මිස මිනිසෙකු වෙනුවෙන් නොවේ. ඇත්ත නැත්තට මිස ගැත්තකු වීම නොවේ. 2020 වනතුරු මේ ආණ්ඩුව ඉවත් කිරීම අතිශය දුර්ලභ සිද්ධියකි. මේ ආණ්ඩුව හොඳ නැත්නම් අපිට ඒ වනතුරු ඉවසා සිටිය යුතුවේ. මෝඩ වීරයන්, මෝඩ වීරවරියන් බිහිකර පාර්ලිමේන්තුවට යවා අපි හොඳටම මට්ටු වී ඇති කාලෙක තවමත් කරන්නේ ඒ ක්‍රියාදාමයමය. ලොක්කාට ගැත්තෙකු වීමට සිදුවූ විට දැන් දැන් සිදුවන්නේ ඒක වීර ක්‍රියාවක් ලෙසට යොදාගැනීමය.

ඒ ආතල් එකට පණ දෙන්නට සැරසී සිටින පිරිස් ලස්සනට වීරයන් බිහිකිරීමේ ගොන් ක්‍රියාදාමයට එක්වීම ඉතාමත් කනගාටුවකි. යහපාලනය වචනයට වැරදි අර්ථකථනයක් ලැබීම හා ක්‍රියාවට නැංවීම මේ රජයේ බරපතළ වැරදීමකි. රටේ ජනාධිපතිවරයා මරා දමනවා යැයි කියූ මිනිසාට සමාවදීමද තවත් කෙනෙකුගේ වීර ක්‍රියාවක් ලෙස හුවා දැක්වීම හා ඒවාට හුරේ පාර දැමීමට තරම් අද මිනිසුන් නිදහස්ය. මොනයම් හේතුවක් උඩ හෝ වැරදිකරුවෙකු නිදහස් කිරීම රජයක් විසින් කරනු ලබන ජාතික අපරාධයකි. මන්ද ඒ තුළින් ලැබෙන පූර්වාදර්ශය ඉතාම බරපතළ ලෙස රටේ මිනිසුන් භාරගැනීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය.

රටේ ජනතාවගෙන් වැඩි කොටසක් තාමත් සිටින්නේ තම දෙපයින් පොළොවේ පය ගසා නැගිටින්නට වැරදරමින්ය. ඒ මිනිසුන්ට අවශ්‍ය ඒ සඳහා අවශ්‍ය පහසුකම්ය. දැනට මේ රජය මහා පරිමාණයේ වංචා කරන්නේ නැත. අයුතු ලෙස බලය පාවිච්චි කරන්නේ නැත. සුළු සුළු දේ රටක සිදුවීම මහා වැරදි ලෙස හුවාදැක්වීමට නොහැකිය. වැරැද්ද වෙනුවෙන් පෙනී සිටීම අවංකවීම ඉතාම වැදගත් බව මාගේ හැඟීමයි. වීරයන් බලු වුණේ අපි නිසා නොව ඔවුන් නිසාමය. 62 ලක්ෂයක් ඡන්දය ඇත්තේ වීරයා බලුවීම නිසාය. වීරයාගේ 58 ලක්ෂයෙනුත් ගොඩක්දෙනා දැන් 62 ලක්ෂයට එකතු වෙලාය. මේ ටික තේරුම් නොගැනීම අපරාධයකි.

දේශපාලන අවබෝධයකින් තොරව ගැතිකමට දේශපාලනය සොයායෑම ජාතික අපරාධයකි. අවංකව අපි සිතිය යුත්තේ රට ගැනය. රට දියුණු කරගැනීම ගැනය. එසේ නොවන්නේ නම් 2020 මේ ආණ්ඩුව ගෙදර යැවීමට අපිට පුළුවන. නමුත් එයට තාමත් කල් වැඩිය.