මිරිස්... මිරිස්... කවුද බොලේ මිරිස්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20160830Sara-1ගායකයෙක් කියාගත්තු හිපාටුවෙක් වයසක මනුස්සයෙකුට මූණ පොඩි වෙන්න ගහපූ සීන් එකක් මේ දවස්වල කතාබහට ලක්වෙනවා. සමහර මීඩියාවල මේ යකා කලාකාරයෙක් කියලා සඳහන් වෙලා තිබුණා. මේ වගේ බූරු පුතාලට කලාකරුවෝ කියනවානම් ඇත්ත කලාකරුවන්ට මොකක්ද කියන්නේ? අපේ රටේ කලාකරුවෙක් වෙන්න, නිර්මාණශීලී හැකියාවක් ඕනම නෑ. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමති කියනවා වගේ අපේ රටේදී කලාකාරයෙක් වෙන්න, ඕන ගොනෙකුට පුළුවන්. දැන් මේ  සමහරු මී හරකෙක් වගේ වයසක මිනිසුන්ටත් අනින්න පනින එකෙන් ඒක හොඳට පැහැදිලි වෙනවා.

මේ වගේ සිදුවීම්වලින් නැවත නැවතත් ඔප්පු වෙනවා අපේ රටේ කලාකරුවන් කියාගන්න උන්ගේ හැටි. අපේ රටේ කලාවට ගිය කල ගැන ඉතාම කනගාටුයි. මීඩියාවලින්ම හුළං ගහලා පුම්බන සමහර සුකිරි බටිල්ලෝ එක මෙගා ටෙලියක ඉඳපු ගමන් හරි, බැරි මරගාතේ සිංදුවක් කියපු ගමන් හරි කලාකාරයෝ කියාගෙන මාර ෂෝ තමයි දාන්නේ.

ඊට පස්සේ මුන් දාන්නේ මාර කැටයම් තමයි. අපේ රටේ කලාකාරයෝ කලාකාරියෝ කියාගන්නා චූ කෙල්ලෝ, කොල්ලෝ ළඟ තියෙන කැටයම් ඇම්බැක්කෙත් නෑ. මුන්ට කලාකරුවෝ කියන වචනය පාවිච්චි කිරීම වහාම නවත්තන්න ඕන. නැත්නම් ඇත්ත කලාකරුවන්ට එකෙන් ලොකු ආසාධාරණයක් වෙනවා.

හොඳ නිර්මාණයන් කරන අයට ඒවා කරන්න වටපිටාවක් නැති රටේ දෙකයි පනහේ කූජිත වැඩ කරන අය තමයි පොරවල් වෙලා දඟලන්නේ. ලංකාවේ කලාව පිළිබඳ ප්‍රමිතීන් ගැන නම් පුදුම හිතෙනවා. වැඩකාරයෝ සද්ද නැතුව ඉන්න කොට කොහොමත් කබ්බෝ ෆෝම් වෙනවා.

යන්තම් ගැටගහගෙන සිංදුවක් දෙකක් කියලා මාර පොරවල් කියලා හිතාගෙන ඉන්න සමහර අම්බරුවෝ මාර චණ්ඩි වෙලා. දැන් මිනිහෙකුට පාරකවත් යන්න බෑනේ. මුන් හිතාගෙන ඉන්නේ මුන් මහ රජ්ජුරුවෝ කියලද දන්නේ නෑ. මේ වගේ කාලකණ්ණි සංගීත ක්ෂේත්‍රය ගඳ ගස්සනවා.

අසභ්‍ය වදනින් රැප් ගායනයේ නිරත වූ නව පරපුරේ ගායකයෙක් කියාගත්තු බූරු පුතා ගැන කබලවෙලා, පොලීසියට දුවපු ගායක ගායිකා සංගමේ සභාපති කියන කීර්ති පැස්කුවල්ලා එහෙම මේ අහිංසක මිනිස්සුන්ට තඩිබාන ගායකයෝ කියාගන්න උන් ගැන මොකද දන්නේ නෑ කියන්නේ. අපි කැමතියි දැන ගන්න මේ වගේ වල් සත්තු ගැන අපේ රටේ ඇත්ත කලාකාරයෝ මොනවද කියන්නේ කියලා. මේ දෙකයි පහනේ ගායකයෝ කලාකාරයෝ කියලා උඩ දානවා වෙනුවට කරන්න ඕනේ සංගීත ක්ෂේත්‍රය පැත්ත පළාතකට වැද්ද ගන්නේ නැතුව ගහලා පන්නන එකයි. ඒත් සල්ලි තියෙන ඕන කෙනෙකුට අද ගායකයෙක් වෙන්න පුළුවන් නිසා මුන් සිංදු කියන එක නවත්වන්න බෑ. ඒත් මුන්ට කලාකාරයෝ කියලා කියන එක නම් නවත්වන්න පුළුවන්. එක වහාම කළ යුතුයි.

තව ටික දවසක් ගියාම මේ වගේ පොළොස් කොට්ටෝරුවන්ගෙන් තව තව මිනිසුන්ට ගුටි කන්න වෙයිද දන්නේ නෑ. කාටවත් තව කෙනෙකුට පහර දෙන්න අයිතියක් නෑනේ. ඕන ප්‍රශ්නයක් විසඳගන්න පිළිවෙළක් තියෙනවා. මේ වගේ ප්‍රසිද්ධ චරිත තමන්ගේ ප්‍රසිද්ධිය පාවිච්චි කරලා සමාජයට කරදයක් හිරිහැරයක් කරනවා නම් තරාතිරම බලන්නේ නැතිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.

සමහර නපුංසක ගායකයෝ නිසා බස්වල එහෙම යන මිනිස්සු පුදුම වදයක් විඳින්නේ. මොකද බස්වල තියෙන ටීවීවල දැන් දාන්නේම මේ වගේ නපුංසක ගායකයන්ගේ සිංදුමයි. ඒ වදය මදිවට දැන් මේ නපුංසකයෝ මාර චණ්ඩිවෙලා අහිංසක මිනිස්සුන්ට ගුටි අනින්නත් පටන් අරගෙන. දඩාවතේ යන මේ වල් බල්ලන් වහාම බැඳලා දාන්න ඕන. නැත්නම් මලකෙළියක් තමයි ඉස්සරහට වෙන්න.

 

ප්‍රියන්ත කොඩිප්පිලි