සීනි දියවුණාට ගෝනි දියවෙන්නේ නෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අද ජූනි 16 වැනිදා. මීට හරියටම අවුරුදු දෙකට කලින් අද වගේ දවසක තමයි ටෝනි රණසිංහ අපෙන් සමුගෙන ගියේ. දැන් ඉන්න අලුත් නළු නිලියෝ මගෙන් අහන්එපා ටෝනි රණසිංහ කියන්නේ කවුද කියලා. ටෝනි ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අපිට නළුවෝ කියලා කටපුරා කියන්න පුළුවන් කීප දෙනෙක්ගේ ලෑයිස්තුවේ උඩම අංක කීපයේ තැනක් අරගෙන ඉඳපු හැන්ඩියෙක් තමයි ටෝනි.

20170616ara-1අද ටෝනිගේ දෙවැනි සැමරුම නිසා ටෝනිව විශේෂයෙන් මහත් වුණාට සිනමාවට සහ ටෝනිට ආදරේ කරපුඅයට නම් ටෝනිව ලේසියෙන් අමත වෙන්නේ නෑ. අපේ සිනමාවේ මහා නළුවෝ කීපදෙනෙක්ගෙන් කෙනෙක් වුණු ටෝනි ඒ තැන හදාගත්තේ තමන් සතු දුර්ලභ රංග ප්‍රතිභාව නිසාමයි. දැන් ඉන්න සමහර නළුවෝ වගේ කලාව ගැන රඟපෑම ගැන ලොරි ටෝක් දීලා නොවෙයි ටෝනිලා නළුවෝ වුනේ.

ඊයේ සහභාගි වෙන්න ලැබුණ අපිට ඉඳපු තවත් ප්‍රවීණ සිනමාකරුවෙක් ගැන ලියවුණු පොතක දොරට වැටුමකට. පොත ලියවිලා තිබුණේ ප්‍රවීණ සිනමාකරු වසන්ත ඔබේසේකර. පොතේ කතුවරයා සිනමා විචාරක තුසිත ජයසුන්දර. 'වසන්ත සිරිත' නමින් නම් කරලා තිබුණු ඒ පොත වසන්ත ඔබේසේකර ගැන මෙතෙක් ලියා ඵල කෙරුනු පළවැනි පොත.

ටෝනි ගැන කියාගෙන ආපු නිසාම මේ ටිකත් කියන්න ඕන. ඇත්තටම කියන්න කණගාටුයි චිත්‍රපටි 13 ක් හදලා නොමැකෙන නමක් තියලා පසුගියදා අපෙන් සමුගෙන ගිය වසන්ත ඔබේසේකර ගැන ලියවුණු මේ පොතේ දොරට වැඩුමට රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ශ්‍රියානි අමරසේන තුන්දෙනා ඇරෙන්න නළු නිලියෝ කියලා බල්ලෙක්වත් ආවේ නෑනේ. ටෝනි වගේ අයගේ අගය දැනෙන්නේ මේ වගේ දේවල් දකිනකොට. අපිට මතකයි ටෝනි ජීවත් වෙලා ඉන්න රෝහලේ මේ වගේ තමන්ගේ සහෝදර ශිල්පීන්ගේ මෙවැනි වැඩ කටයුත්තක් තියෙන වෙලාවට ටෝනි ඇවිත් ඉන්නවා. විශේෂයෙන් පොත පත ලියපු පොත පතට සමීප ටෝනි ෆීල්ඩ් එකේ සහෝදර ශිල්පීන් එක්ක හොඳහිත තියාගෙන ඉඳපු කෙනෙක්.

දැන් ඉන්න නළු නිලියෝ අතරේ සහෝදරකම කෙසේ වෙතත් එතෙක් කපාගෙන එකෙක් උඩට එන්න දඟලන පොරයක් අපි දකින්නේ. ඒ කාලෙත් මේ වගේ කැපිලි කෙටිලා ඕන තරම් තිබුණා. ඒත් එදා ශිල්පීන්ගේ කොලිටි එකක් තිබුනා. අද ඉන්න සෝබන කාරයින්ට වඩා.

20160830Sara-1අද ඉන්න අලුත් නළු නිලියෝ මීඩියාවලට එහෙම ඇවිත් දෙන නැව් ටෝක් ඇහුවම තමයි හිතෙන්නේ මේ අය රඟපෑම මිට මොලවාගෙන ආව කියලා. මේ සමහරු කලාව ගැන එහෙම දෙන ටෝක්ස් ඇහුවම සරස්වතී දේවියටත් ඇඩ්‍රස් නැති වෙනවා. මොකද ඒ අය කලාව ගැන කරන කතා ඒ තරම් මාරයි. හැබැයි  මේ අයගේ කෙරුවාවල් බැලුවම තමයි වමනේ යන්නේ. තුට්ටු දෙකේ වැඩවල රඟපාන ගමන් රඟපෑම ගැන සිනමාව ගැන කලාව ගැන දෙන්නේ බුදු ටෝක්. මේ වගේ ලිලිපුට්ටෝ ළඟ ටෝනි රණසිංහලා මොන තරම් ගලිවර්ලද කියලා හිතෙන්නේ ඒ අය ටෝක් දිදී ඉන්නේ නැතුව දන්න ශිල්ප ......... කරපු ඇක්ටින් නිසා.

මේ ළඟදී බලන්න හම්බවුණු චිත්‍රපටි කීපයකම රඟපාන නළුවෙක් තමයි පුබුදු චතුරංග. 'සීමා නෑ ආකාසේ', 'දෙවැනි වරම' වගේ චිත්‍රපට වල පුබුදුගේ රඟපෑම් එක්ක බැලුවම පුබුදුලා රඟපෑම් ගැන දෙන නැව් ටෝක් දෙපිටින් යනවා. මේ වගේ රඟපෑම් ගැන පොඩි හැකියාවක් තියෙන තරුණ නළු නිලියන්ගේ එකම අමනකම පමණට වඩා පණ්ඩිත ටෝක් දිදි යාම. තමන්ගේ දක්ෂකම පෙන්නන්න ඕන කතාවෙන් නොවෙයි ක්‍රියාවෙන්. කෙරුවාවක් ඉහලින්ම තියෙන කෙනෙක් දෙනෙ ටෝක් ඉවසන්න පුළුවන්. ඒත් තුට්ටුදෙකේ චිත්‍රපටවල මෙගා ටෙලි බඩවැල්වල කුජීත රඟපෑම් කරන අතරේ රඟපෑම ගැන කලාව ගැන දෙන ටෝක් තමයි ඉවසන්න අමාරු. එහෙම නම් ටෝනි රණසිංහලාට කොහොම ටෝක් දෙන්න බැරිද. ඒත් ටෝනිලා එහෙම කළේ නෑ. එයාලා කළේ රඟපෑම විතරයි.

ගාමිණිලා ටෝනිලා ඉඳපු සීනමාවට මිනිස්සු ආකර්ශණීය වුණේ මොකද කියලා දැන් ඉන්න වැඩ බැරි ටාසන්ලා පෙනී ඉන්න බයිස්කෝප් දිහා බැලුවම තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා අපේ නළු මල්ලිලාට සහ නිළි නංගිලාට කියන්න තියෙන්නේ බොරු සෝබනය වෙනුවෙනට සීරියස් ඇක්ටින් එකක් මිනිස්සු ඉස්සරහට එන්න කියලා. එතකොට තැනක් හදාගන්න පුළුවන් වෙයි.

ප්‍රියන්ත කොඩිප්පිලි